in

පියාඹන ගමන් නිදාගන්නා පුදුම කුරුල්ලා 

ගොඩබිමක් නොදැක වසර ගණනාවක් එක දිගට මුහුද මැදින් පියාඹන්න ඔබට පුළුවන්ද? අපිට හිතාගන්නවත් බැරි වුණාට, “ඇල්බට්‍රොස්” කියන යෝධ මුහුදු ලිහිණියන්ට මේක බොහොම සාමාන්‍ය දෙයක්.

එතකොට මේ සත්තු කවදාවත් නිදාගන්නේ නැද්ද? ඇත්තම කතාව නම්, ඔවුන් නිදාගන්නේ පියාඹන ගමන්මයි.

සොබාදහම ඔවුන්ට අපූරු හැකියාවක් දීලා තියෙනවා. ඔවුන්ට පුළුවන් මොළයේ එක පැත්තක් නිදාගන්නා අතරේ, අනිත් පැත්තෙන් අවදියෙන් ඉඳලා පාර හොයාගන්න. ඒ වගේම, ඔවුන්ගේ පියාපත්වල තියෙන විශේෂ ස්වභාවය නිසා, කිසිම මහන්සියක් නැතුව පියාපත් දිග හැරගෙන හුළඟේ පාවෙන්න ඔවුන්ට පුළුවන්. හරියට අහසේ යන සරුංගලයක් වගේ.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

කැඩපතින් තමන්ව හඳුනන පුංචි දාර්ශනිකයා 

කටු පඳුරේ කෑම හංගන පුංචි දඩයක්කාරයා