හිතන්න, එකම එක ඉබ්බෙක් තවත් සත්තු වර්ග 350කට විතර ගෙවල් හදලා දෙනවා කිව්වොත්?
කැලේ ජීවත් වෙන “Gopher Tortoise” කියන ඉබ්බා හරිම අපූරු සතෙක්. මූ හරිම හෙමින් ගමනක් ගියත්, මූ තමයි කැලේ ඉන්න දක්ෂම ගෘහ නිර්මාණ ශිල්පියා. මේ ඉබ්බා පොළොව යට අඩි 50ක් විතර දිගට ලොකු බිම්ගෙවල් හාරනවා.
හැබැයි මේ ඉබ්බා හරිම ගුණවත් කෙනෙක්. මූ මේ හාරන බිම්ගෙවල්වල තනියම ඉන්නේ නැහැ.
මේ බිම්ගෙවල් හරියට “පොළොව යට තියෙන හෝටලයක්” වගේ. කැලේ ලැව්ගින්නක් ඇති වුණාම හෝ අධික රස්නයක් දැනුණාම, කැලේ ඉන්න අනිත් සත්තු හැමෝම දුවගෙන එන්නේ මේ ඉබ්බාගේ ගෙදරට. බකමූණෝ, හාවෝ, ගෙම්බෝ සහ සර්පයෝ ඇතුළු සත්තු වර්ග 350කට වඩා මේ ඉබ්බා හාරපු ගෙදර ආරක්ෂාව ලබනවා.
ඉබ්බා ඒ ගෙදරින් ගියත්, අනිත් සත්තුන්ට එතන ඉන්න මූ ඉඩ දෙනවා. ඇත්තටම මේ ඉබ්බා නැත්නම් කැලේ ඉන්න අනිත් සත්තු හුඟක් අසරණ වෙනවා
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


