Stevia කියන්නේ දශක ගණනාවක් තිස්සේ ලෙඩ රෝග රැසකට ගුණ දෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වශයෙන් ප්‍රසිද්ධ වුනු ඖෂධීය ශාකයක්. ඖෂධීය ගුණයට අමතරව Stevia ශාකයට ස්වභාවයෙන්ම උරුම වුනු තවත් විශේෂත්වයක් තිබෙනවා. එම විශේෂත්වය නිසා, ඖෂධීය ගුණයට අමතරව සීනි ආදේශකයක් වශයෙන් කටයුතු කිරීමටත් Stevia ශාකයට හැකියාව ලැබී තිබෙනවා.
Stevia ශාකයේ ප්‍රයෝජන මොනවද?
- උණ, හිස කැක්කුම, සඳහා ප්‍රභල ඖෂධයක් වශයෙන් ක්‍රියා කරයි.
- පිපාසය සංසින්දුවීමේ හැකියාවක් Stevia ශාකයට ඇත.
- ක්ෂය රෝගය, ඇදුම සහ මුඛ ප්‍රදාහය සඳහාද හොඳ ඖෂධයකි.
- දිලීර සහ වෛරස් විනාශ කර දැමීමේ හැකියාවක් ඇත.
- විවිධ හේතු නිසා ශරීරයේ හටගන්නා ඉදිමුම් සුව කරයි.
- ශාරීරික සහ මානසික ක්‍රියාකාරීත්වය ඉහල නංවයි.
- හිස්හොරි දුරු කරන අතර හිසකෙස් වල ස්වභාවික වර්ණය රැක ගැනීම සඳහා උපකාරී වෙයි.
- ග්ල්යිසිමික් අගයක් නැත.
Stevia ශාකය ස්වභාවික සීනි ආදේශකයක් වශයෙන් භාවිතා කල යුත්තේ ඇයි?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව වර්ෂ 2025 වන විට ලෝකයේ සමස්ත දියවැඩියා රෝගීන්ගේ ගහනය මිලියන 300 ක් පමණ වන බව වාර්තා වෙනවා. දියවැඩියාව රෝගය සඳහා බලපාන මුලිකම කාරණා වෙන්නේ ශරීරය තුල ස්වාභාවිකව ඉන්සියුලින් නිෂ්පාදනය නතර වීම හෝ ස්වාභාවිකව නිෂ්පාදනය වන ඉන්සියුලින් ප්‍රමාණය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි තත්වයක් උදා වීම සහ රුධිරයේ ග්ලුකෝස් මට්ටම අනවශ්‍ය ලෙස ඉහල යාම. මෙම ශාරීරික ක්‍රියාකාරකම් නිසි ලෙස නියාමනය කර ගැනීමට අපහසු වූ කල පැණිරස සහිත ආහාර පාන ගැනීමෙන් තත්වය තවත් දරුණු අතට හැරෙන්න පුළුවන්.
නමුත් අපි මුලින් සඳහන් කළා Stevia ශාකය කියන්නේ ස්වභාවික සීනි ආදේශකයක් කියලා. ඊට අමතරව Stevia ශාකයේ සාරයට අග්න්‍යාශයේ බීටා සෛල උත්තේජනය කරමින් ස්වාභාවිකව ඉන්සියුලින් නිෂ්පාදනය වීමේ කාර්යය උත්තේජනය කල හැකි බවට 2003 වර්ෂයේදී ඕලන්ද සහ ජපාන ජාතික විද්‍යාඥන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබෙනවා. මේ නිසා Stevia ශාකය සීනි ආදේශකයක් වශයෙන් භාවිතා කිරීමේදී යම් කිසි කෙනෙකුට රසයට අමතරව එය දියවැඩියා රෝගය සඳහා ඖෂධයක් වශයෙන්ද ක්‍රියා කරනු ලැබීම නිසා ද්විත්ව ප්‍රතිපල ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
Stevia සීනි ආදේශකයක් වශයෙන් භාවිතා කරන්නේ කෙසේද?
(1)(2).jpg)
සීනි ආදේශකයක් වශයෙන් Stevia භාවිතා කිරීමට ඇති පහසුම විදිය තමයි Gaia Lite. Gaia Lite කියන්නේ 100 % ක් ස්වභාවික සහ කැලරි අන්තර්ගත නොවන සීනි ආදේශකයක්. Stevia ශාකයේ සාරය භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම සීනි ආදේශකයෙහි Aspartame වැනි කෘතීම රසකාරක කිසිවක් අඩංගු නොවන බවට තහවුරු කර ඇති අතර ස්වභාවික සීනි ආදේශකයක් වශයෙන් Gaia Lite භාවිතා කරන කෙනෙකුට කිසිඳු අතුරු ප්‍රථිපලයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම Gaia Lite කියන්නේ 100%ක්ම කැලරි වලින් නිදහස් වුනු සීනි ආදේශකයක් නිසා කිසිඳු ආකාරයකින් ශරීරයේ බර වැඩි වීමක් සිදු නොවන අතර තරබාරු බව පිළිබඳව ගැටළුවක් ඇතිවන්නෙත් නැහැ.
උපුටා ගැනීම: wellnessexpert


