මේ ගමේ නම කියවන්න පුළුවන් නම් ඔයා ඇත්තටම වැඩ්ඩෙක්! ![]()
![]()
ඔයා හිතන්නේ ඔයා දන්න ගම්වල නම් හරිම දිගයි කියලද? එහෙනම් මේ නම පොඩ්ඩක් කියවලා බලන්න!
මේක ලෝක වාර්තාවක් තියපු, ලෝකයේ දිගම නම සහිත ස්ථානයයි. නවසීලන්තයේ පිහිටලා තියෙන මේ අපූරු ස්ථානයේ නම තමයි.
“Taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu”
හති වැටුණා නේද?
මේ නම ඇතුළේ අකුරු 85ක් තියෙනවා!
මොකක්ද මේකේ තේරුම? ![]()
මේක නිකන්ම අකුරු ගොඩක් නෙවෙයි. නවසීලන්තයේ ස්වදේශික “මාඕරි” (Maori) භාෂාවෙන් හැදුණු මේ නම පිටුපස ලස්සන ආදර කතාවක් තියෙනවා.
මෙහි සරල තේරුම තමයි: “විශාල දණහිස් ඇති, කඳු නගින්නෙකු සහ ගොඩබිම් ගිලින්නෙකු වූ ‘තමටියා’ (Tamatea) නම් පුද්ගලයා, තමන්ගේ ආදරණීයයා වෙනුවෙන් කන්ද උඩ ඉඳන් නළාව වාදනය කළ ස්ථානය” යන්නයි. ![]()
![]()
විශේෂ කරුණු කිහිපයක්: ![]()
• ගිනස් වාර්තාව: ලොව දිගම නම සහිත ස්ථානය ලෙස මෙය ගිනස් වාර්තා පොතට (Guinness World Records) ඇතුළත් වෙලා තියෙනවා. ![]()
• කෙටි නම: ප්‍රදේශවාසීන් පවා මේ නම සම්පූර්ණයෙන් කියවන්නේ නැහැ. උන් ලෙහෙසියට මේකට කියන්නේ “Taumata” (තවුමතා) කියලා.
• නම තියෙන බෝඩ් එක: මේ ගමේ නම ගහලා තියෙන බෝඩ් එක ළඟ පින්තූරයක් ගන්න ලෝකේ වටේම ඉන්න සංචාරකයෝ මෙතනට එනවා. ඒ බෝඩ් එකත් සෑහෙන දිගයි! ![]()



උපුටා ගැනීම :Unknown Diary

