ඔකෙෆෙනොකී වගුරු බිම! 🐊🇺🇸
ඔයා කවදාහරි අහලා තියෙනවද ඇවිදිනකොට පොළොව හෙල්ලෙන, වතුර උඩ දූපත් පාවෙන අමුතුම ලෝකයක් ගැන?
මේ තමයි ඇමරිකාවේ ජෝර්ජියා ප්රාන්තයේ තියෙන ඔකෙෆෙනොකී (Okefenokee Swamp) වගුරු බිම. මේ නමේ තේරුම වෙන්නෙත් “සෙලවෙන පොළොව” (Land of the Trembling Earth) කියන එකයි.
හැබැයි මේ ලස්සන වගුරු බිම ඇතුළේ ලෝකයේ දරුණුම විලෝපිකයෝ 10,000කට වඩා වැඩිය ජීවත් වෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
මේක කොච්චර ලොකුද? 📏
මේ වගුරු බිම ඇත්තටම දැවැන්තයි! මේක වර්ග සැතපුම් 700කට (අක්කර 438,000කට) වඩා වැඩියි. සරලවම කිව්වොත් මේක ඇතුළේ මුළු කොළඹ නගරය වගේ නගර කිහිපයක්ම හංගන්න පුළුවන් තරම් මේක ලොකුයි. ඔයා මේක මැදට ගියොත් කිලෝමීටර් ගණනාවක් යනකම් දකින්න ලැබෙන්නේ එකම විදියේ ගස් සහ කළු වතුර විතරයි.

ඇයි මේක මෙච්චර අභිරහස් තැනක් වෙන්නේ?
- දැවැන්ත ඇලිගේටර් (Alligators): මේ වගුරු බිම පාලනය කරන්නේ කිඹුල් පවුලේ සාමාජිකයෝ වෙන ඇලිගේටර්වරු. අඩි 13ක් 14ක් විතර දිග දැවැන්තයෝ මෙහේ ඕනෑතරම් ඉන්නවා. උන් වතුර යට නිසලව ඉන්නකොට පේන්නේ හරියට දිරාගිය කොට කැබලි වගේ! 🐊
2.සෙලවෙන පොළොව: මෙහේ තියෙන සමහර ගොඩබිම් කොටස් ඇත්තටම පාවෙන පාසි සහ ශාක පත්රවලින් හැදුණු ඒවා. ඔයා ඒ මත පය තිබ්බොත් මුළු ගසක් වුණත් හෙල්ලෙන්න පටන් ගන්නවා. ඒක හරියට ස්වභාවික “ට්රැම්පොලීන්” එකක් වගේ. 🌳
3.කළු වතුරේ අභිරහස: මෙහේ වතුර තද කළු පාටයි. ඒකට හේතුව දිරාපත් වෙන ශාක පත්රවලින් පිටවෙන ටැනින් (Tannin) කියන රසායනිකයයි. ඒ හින්දා මේ වතුර හරියට “කළු තේ” වගේ පේනවා. මේ කළු වතුර අස්සේ මාරාන්තික සත්තු ඕනෑතරම් සැඟවිලා ඉන්න පුළුවන්. 🌑
4.අත්භූත ශබ්ද: රෑට මේ වගුරු බිම පැත්තෙන් ඇහෙන ඇලිගේටර්වරුන්ගේ ගොරවන ශබ්දය (Bellowing) කිලෝමීටර් ගණනාවක් ඈතට ඇහෙනවා. ඒක හරියට ඩයිනෝසර් යුගයට ගියා වගේ හැඟීමක් ගෙන දෙනවා. 🦖
4.විෂ සහිත සර්පයන්ගේ පාරාදීසය: කිඹුලෝ විතරක් නෙවෙයි, ලෝකේ ඉන්න දරුණුම විෂ තියෙන Cottonmouth වගේ සර්පයෝ මෙහේ ඕනෑතරම් ඉන්නවා. පොඩ්ඩක් හරි පය වැරදුනොත් ඒක ඔයාගේ අවසානය වෙන්නත් පුළුවන්. 🐍💀
සොබාදහමේ මේ වගේ බියකරු වගේම පුදුම හිතෙන තැන් ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔකෙෆෙනොකී වගුරු බිම මැදින් බෝට්ටුවක යන්න ඔයාලත් කැමතිද? 🛶
ඔයාගේ අදහස Comment එකකින් කියන්න.
උපුටා ගැනීම : Unknown Diary


