“ටිරා” (Tira)! ![]()
![]()
සීබ්‍රා (Zebra) කෙනෙක් කිව්ව ගමන් අපේ මතකයට එන්නේ සුදු සහ කළු පාට ඉරි රටාවක්නේ. හැබැයි මේ රූපයේ ඉන්න පැටවා දිහා පොඩ්ඩක් බලන්න. මෙයාට තියෙන්නේ ඉරි නෙවෙයි… මුළු ඇඟ පුරාම ලස්සන සුදු පාට තිත්! ![]()
මේ කෙන්යාවේ “මසායි මාරා” (Masai Mara) ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වුණු, මුළු ලෝකයේම දැඩි අවධානයක් දිනාගත්තු ලොව දුර්ලභම සීබ්‍රා පැටවා “ටිරා”.
ඇයි මෙයා මෙච්චර වෙනස්?



මේක සොබාදහමේ සිද්ධ වුණු අපූරු ජානමය විපර්යාසයක්. මේ තත්ත්වය විද්‍යාත්මකව හඳුන්වන්නේ “මෙලනිසම්” (Melanism) කියලා. මෙතැනදී සිද්ධ වෙන්නේ සිරුරේ කළු පැහැය ඇති කරන “මෙලනින්” වර්ණකය අධික ලෙස නිපදවීමයි. ඒ නිසා සාමාන්‍ය ඉරි රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, ඇඟ පුරාම කළු පැහැය පැතිරිලා මේ වගේ තිත් රටාවක් නිර්මාණය වෙනවා.
“ටිරා” කියන නම ලැබුණේ කොහොමද?
මේ අපූරු පැටවාව වනාන්තරය ඇතුළේදී මුලින්ම දැකලා ඡායාරූපගත කළේ “ඇන්ටනි ටිරා” (Antony Tira) කියන වනෝද්‍යාන මාර්ගෝපදේශකයා (Tour guide) විසින්. ඔහුව අගය කිරීමක් විදිහට තමයි මේ සීබ්‍රා පැටවාට “ටිරා” කියලා නම තිබ්බේ.
මේ සුන්දරත්වය පිටුපස ඇති දරුණු ඇත්ත
බලන්න හරිම ලස්සන වුණත්, කැලෑවේ ජීවත් වෙද්දී මේ වෙනස්කම ටිරාට ලොකු ජීවිත තර්ජනයක්:
1 විලෝපිකයන්ගේ ඇස ගැටීම: සීබ්‍රා සතුන්ගේ සාමාන්‍ය ඉරි රටාව පිහිටලා තියෙන්නේ සිංහයන්, කොටියන් වගේ සත්තුන්ගෙන් බේරෙන්න “Camouflage” (සැඟවීම් ක්‍රමයක්) එකක් විදිහටයි. රැලක් එකට දුවද්දී මේ ඉරි නිසා සිංහයන්ගේ ඇස් නිලංකාර වෙනවා. හැබැයි ටිරා රැල මැද තනිවම කැපී පෙනෙන නිසා හතුරන්ට ලේසියෙන්ම ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. ![]()
2 ලෙඩ රෝග සහ මැස්සන්: පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා සීබ්‍රාගේ සාමාන්‍ය ඉරි රටාව නිසා ලේ උරා බොන වසංගත මැස්සන් උන්ගේ ඇඟේ වහනවා අඩුයි කියලා. ඉතින් මේ වගේ කළු පාට ඇඟක් තියෙන සතෙකුට මැස්සන්ගෙන් වෙන කරදර සහ රෝග වැළඳීමේ අවදානම වැඩියි.

සීබ්‍රා රැල මේ පැටවාව කොන් කරලා නැහැ! සතුන්ගේ ලෝකයේ මිනිස්සු වගේ “වෙනස්කම්” මත පදනම් වෙලා කොන් කිරීම් නැති නිසා, ටිරාගේ අම්මා ඇතුළු මුළු රැලම මෙයාට ආදරයෙන් ආරක්ෂාව සපයනවා. ![]()
සොබාදහමේ මෙවැනි අපූර්ව නිර්මාණ සැබවින්ම විස්මිතයි!
මේ වගේ ලෝකයේ දුර්ලභ සහ නොදන්නා තොරතුරු දිගටම දැනගන්න අපේ පිටුව Like කරලා, post එක Share කරන්න අමතක කරන්න එපා! ![]()
![]()
උපුටා ගැනීම: Unknown Diary

