in

ගමන් බිමන් යද්දී ගෙල කොට්ටය (Travel Pillow) භාවිත කරන්නේ නිවැරදිවද?

දිගු ගුවන් ගමනකදී හෝ බස් ගමනකදී නිදාගන්නා විට ගෙලට ඇතිවන අපහසුතා අඩු කරගැනීමට Travel Pillow එකක් උපකාරී විය හැකියි. නමුත් එය භාවිත කරන ආකාරයත් වැදගත්!

❌ වැරදි භාවිතය:

– කොට්ටයේ වැඩි කොටස ගෙල පිටුපසට තැබීමෙන් හිස ඉදිරියට හෝ පැත්තකට නැමිය හැකියි.

– එමඟින් ගෙලට අපහසුතාවක් ඇතිවිය හැකියි.

✅ වඩාත් සුදුසු භාවිතය:

– කොට්ටය ගෙල වටා නිසි ලෙස සකස් කරගන්න.

– නිකටට සහ හිසට අවශ්‍ය ආධාරය ලැබෙන ලෙස එහි පිහිටීම සකස් කරන්න.

– හිස අධික ලෙස ඉදිරියට හෝ පැත්තකට නැමීම වළක්වාගන්න.

💡 මතක තබාගන්න: සෑම Travel Pillow එකක්ම එකම ආකාරයට භාවිත කළ නොහැකියි. ඔබේ ගෙලට සහ ශරීරයට පහසු, නිසි ආධාරයක් ලබාදෙන කොට්ටයක් තෝරාගැනීම වැදගත්.

❤️ දැනුම | Knowledge

What do you think?

Written by Mic

මැණික් කටුවේ ඉදිමීමක්, ගැටිත්තක් හෝ සමේ පාට වෙනසක් දැක්කොත් ඒක රෝගයක ලකුණක්ද?