අක්කර 50 ට වැඩි භූමිභාගයක පිහිටි වසර 170 ට වඩා පැරණි මෙම සුසානභූමිය බුිතාන්ය යුගයේ හදුන්වා ඇත්තේ කූඹි කැලේ යන නමිනි. සුසානභූමිය පිහිටි ඉඩම කනත්තවත්ත ලෙසින් එවකට හදුන්වා ඇත.
1866 වසරේදී මෙහි සිදුකළ පුථම මිහිදන් කිරිම බුිතාන්ය ජාතික පැfනී කේලි නම් කාන්තාවකගේය.
මේ සුසාන භූමිය අද්භූත ස්ථානයක් ලෙසින් හැදින්වුවද..ශ්රීමත් ආතර් සී ක්ලාක් වැනි ලොව පරසිදු පුද්ගලයන්, කලාකරුවන් සහ ලෝක යුද්ධයේදී මියගිය සෙබළුන් වෙනුවෙන් වෙන්කල ස්මාරක සහ සොහොන් කොත් රාශියක් මෙහි දක්නට ඇත.

එපමණක් නොව 1915 දී පාලකයින් විසින් අසාධාරණ ලෙස වෙඩිතබා ඝාතනය කල, ජාතික විරුවෙකු ලෙසින් සැලකෙන හෙන්රි පේදුිස් විරුවාගේ රහසිගත සොහොනද මෙහි පිහිටා ඇත. මෙම භුමියේ ඇවිද යනවිට විවිධ යුගයන්ට හා විවිධ සංස්කෘතින්ට අයත් විශ්මයජනක කැටයම් සහිත ස්මාරක දැකගත හැකිවන අතර බුිතාන්ය යුගයේ ධනවත් වැවිලිකරුවන්, පුභූන් වෙනුවෙන් ඉදිකල කුඩා මාලිගා වැනි ස්මාරක සහ රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයට සමාන කුළුණු මෙහිදී දැකගත හැකිය.
සැබැවින්ම ..බොරැල්ල කනත්ත හුදෙක් සුසාන භූමියක් පමණක් නොව ශතවර්ෂ එකහමාරක ඉතිහාසය, කලාත්මක කැටයම් හා අතීත පුභූ සංස්කෘතිය එකට කැටිකල කෞතුකාගාරයක් වැනි ස්ථානයකි.

Pathiru / පතිරූ


