in

බකමූනන් පිලිඹඳ දැනුවත්කිරීමේ අන්තර්ජාතික දිනය​–2026 / International Owl Awareness Day–2026

ශ්‍රී ලංකාවේ හමුවන බකමූනන් සහ බස්සන් ගේ තර්ජිත තත්වය සහ ආරක්ශිත තත්වය ගැන විමසා බැලීමක්

සෑම වසරකම අගෝස්තු මස 04 දා බකමූනන් පිලිඹඳ දැනුවත්කිරීමේ අන්තර්ජාතික දිනය වශයෙන් නම් කර තිබේ.ලොව පුරා සිටින විශේශ 200ක් පමන වන බකමුනන් පිලිඹඳව ජනතාව දැනුවත් කිරීම පිනිස මෙම දිනය යොදාගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුල කුල දෙකකට අයත් බකමූනන් විශේශ 12 හමුවේ.මේ අතුරින් විශේශ දෙකක් ටයිටොනිඩේ කුලයටත් (family-Tytonidae) ,අනෙක් විශේශ 10 ස්ට්‍රිගිඩේ කුලයටත් (family-Strigidae) අයත් වේ.

මොවුන් අතුරින් ස්ට්‍රිගිඩේ කුලයට අයත් විශේශ දෙකක්,එනම් තඹලවන් මූකලන් බස්සා (Sri Lanka Chestnut-backed Owlet) සහ පඬුවන් බස්සා (Serendib Scops Owl), ශ්‍රී ලංකාවට ආවේනික ව්ශේශයන් වේ.තවත් විශේශ තුනක් වන​ හීන් කන් බස්සාගේ (Oriental Scops Owl), මාලු බකමූනාගේ(Brown Fish Owl) සහ තඹලවන් බකමූනාගේ (Indian Bay Owl), ශ්‍රී ලංකාවේ හමුවන්නන් මෙරටට ආවේනික උප විශේශ වලට අයත් වන්නන් වේ. වේ.

එසේම බිම් බකමූනා (Short-eared Owl) ශ්‍රී ලංකාවෙන් හමුවන එකම පර්‍යටනික බකමූනන් විශේශය වේ.මේ පක්ශියා දුර්ලභ සහ අක්‍රමවත් පර්‍යටනිකයෙකු වේ.

ශ්‍රී ලංකාවේ හමුවන නේවාසික බකමූනන් විශේශ 11 අතුරින් විශේශ පහක් වඳවී යාමේ තර්ජනයට ලක්වී නොමැති විශේශ (Least Concerned)(LC) වශයෙනුත්,තවත් විශේශ තුනක් තර්ජිත තත්වයට ආසන්න මට්ටමේ (Near Threatened)(NT)බවත්,ඉතිරි විශේශ තුන දැඩි ලෙස තර්ජනයට ලක්වූ (Endangered)(EN) විශේශ ලෙසත් 2021 ජාතික රතු දත්ත ලේඛනයේ (National Red Data List) දක්වා තිබේ.එසේ වුවද තර්ජිත කොටස් දෙකක් වන වඳවීයාමට අත්‍යාසන්න (Critically Endangered))සහ වඳවීමේ තර්ජනයට පාත්‍රී (Vulnerable )යන කොටස් දෙක තුල කිසිඳු බකමූනන් විශේශයක් නොමැති වීමත් විශේශත්වයකි.

විශේශ තුනෙන් දෙකක්ම​,එනම් තඹලවන් මූකලන් බස්සා (Sri Lanka Chestnut-backed Owlet) සහ පඬුවන් බස්සා (Serendib Scops Owl) යන දෙදෙනාම​ ශ්‍රී ලංකාවට ආවේනික විශේශයන් වේ.එසේම අනෙක් විශේශය වන තඹලවන් බකමූනාද (Bay Owl) මෙරටට ආවේනික උප විශේශයකි.

තර්ජිත තත්වයට ආසන්න විශේශ පහෙන් විශේශ දෙකකම සිටින්නේ මෙරටට ආවේනික උප විශේශ දෙකකි.

ශ්‍රී ලංකාවේ නේවාසික බකමූනන් සහ බස්සන් මෙන්ම සංක්‍රමනිකයෙකු වන බිම් බකමූනාත් (Short-eared Owl) වන සත්ව​ සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 31 වන වගන්තිය යටතේ ආරක්ශිත පක්ශීන් ලෙස නම් කර තිබේ.මීට අමතරව මෙරට හමුවන ටයිටොනිඩේ කුලයට අයත් විශේශ දෙක වන අටු බකමූනා (Barn Owl) සහ තඹලවන් බකමූනා (Indian Bay Owl) පනතේ 31(2) උප​-වගන්තිය යටතේ දැඩි ලෙස ආරක්ශිත පක්ශීන් වශයෙන් නම්කොට පනතේ සිව්වන උප ලේඛනයට ඇතුලත් කර තිබේ.

එසේ නමුත්,ශ්‍රී ලංකාවට ආවේනික විශේශ දෙකම දැඩි ලෙස තර්ජිත තත්වයේ (Endangered)(EN) පසු වන්නන් වන නමුත් දැඩි ලෙස ආරක්ශිත පක්ශීන් වශයෙන් නම් කර නොමැත.

මෙරටට ආවේනික උප විශේශ තුනෙන් එකක් වන තඹලවන් බකමූනා (Indian Bay Owl)දැඩි ලෙස ආරක්ශිත පක්ශියෙක් වශයන් නම් කර තිබේ.

වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනත අවසන් වරට සංශෝධනය වූයේ 2009 වසරේදී නිසා මෙම වෙනස් තත්වය කෙරේ සැලකිල්ල යොමු කිරීම වැදගත් වේ.එනම්,මෙරටට ආවේකික විශේශ දෙකම දැඩි ලෙස ආරක්ශිත පක්ශීන් ලෙස නම් කිරීම කාලෝචිත වේ.මේ සඳහා පනත සංශෝධනය කිරීම අත්‍යාවශ්‍ය නොවන්නේ පනතේ 34 වන වගන්තියට අනුව උප ලේඛන සංශෝධනය කිරීමේ බලය විශය භාර අමාත්‍ය තුමාට නියෝගයක් මාර්ගයෙන් සිදු කිරීමේ බලතල පවරා තිබෙන නිසාය​.

වර්තමාන නීතිමය රැකවරනය සලසා තිබෙන වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 31 වන වගන්තිය අනුව​ මෙරට හමුවන කිසිඳු බකමූනන් හෝ බස්සන් විශේශයක සාමාජිකයෙකු :

+ මරනයට පත් කිරීම​,

+ තුවාල සිදු කිරීම හෝ හානි කිරීම​,

+ හෝ කිසියම් කොටසක් සන්තකයේ හෝ භාරයේ තබාගෙන සිටීම​

+ හෝ කිසියම් කොටසක් වෙලඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ විකිනීම

+ ඉහත කී කිසියම් කටයුත්තක් සඳහා යම් උපකරනයක්,මෙවලමක් හෝ ද්‍රව්‍යයක් භාවිතය​

වරදවල් වශයෙන් නම්කර තිබේ.එසේම පනතේ 67ආ වගන්තිය අනුව මෙවන් වරදක නියැලී සිටි හෝ එසේ කරන ඕනෑම අයකු වරෙන්තුවකින් තොරව අත් අඩංගුවට ගැනීමට බලය තිබේ.

තවද​ 66 වන වගන්තියෙන් ලබාදී තිබෙන බලය අනුව එවන් අයෙකු අත් අඩංගුවට ගැනීමේ බලය වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවට මෙන්ම වන සංරක්ශන දෙපාර්තමේන්තුවට සහ පොලීසියටත් ලබාදී තිබේ.

** ඉහත සඳහන් කරුනු අනුව පෙනෙන්නේ මෙරට හමුවන සියලුම බකමූනන් සහ බස්සන් නීතිමය ආරක්ශව ලබා තිබෙන බවත්,ශ්‍රී ලංකාවට ආවේනික විශේශ දෙකට දැඩිලෙස ආරක්ශිත තත්වය ලබාදීම වඩාත් යෝග්‍ය බවත්‍ වේ.

උපුටා ගැනීම : Rohana Liyanage

What do you think?

Written by Mic

ගඟක රත්තරන් ගමන