in

මිනී පෙට්ටියක හැඩය ඇති, කට ඇතුළ කළු මාරයා!

බ්ලැක් මෑම්බා (Black Mamba)

ලෝකයේ ඉන්න දරුණුම සහ විෂ අධිකම සර්පයන් ගැන කතා කරද්දී අප්‍රිකානු මහද්වීපයේ රජා වෙන “බ්ලැක් මෑම්බා” ගැන කතා නොකරම බැහැ. මූට තියෙන්නේ විෂක් නෙවෙයි. එක දෂ්ට කිරීමකින් මිනිස්සු කිහිප දෙනෙක්ව වුණත් සදහටම නින්දට යවන්න පුළුවන් මාරාන්තික විෂක් මුන්ට තියෙනවා.

විද්‍යාත්මක වර්ගීකරණය

විද්‍යාත්මක නාමය: Dendroaspis polylepis

කුලය (Family): Elapidae (නයි, තෙල් කරවළා අයිති වෙන කුලය)

ඇයි මුන්ට “Black Mamba” කියන්නේ? මුන් ගැන හැමෝම නොදන්නා රහස් කිහිපයක් මෙන්න:

1. ඇඟ නෙවෙයි, කට ඇතුළයි කළු! 🖤

ගොඩක් අය හිතන්නේ බ්ලැක් මෑම්බා කියන්නේ ඇඟම කළු පාට සර්පයෙක් කියලා. හැබැයි ඇත්තටම මුන්ගේ ඇඟ ඔලිව්, අළු හෝ තද දුඹුරු පාටයි . මුන්ට “බ්ලැක්” කියන නම හැදිලා තියෙන්නේ මුන් කේන්ති ගියහම හෝ සතුරෙක්ට තර්ජනය කරද්දී කට ලොකුවට අරින නිසා. අන්න ඒ වෙලාවට කට ඇතුළ සම්පූර්ණයෙන්ම තීන්ත කළු පාටට (Ink black) දකින්න ලැබෙනවා.

2. මිනී පෙට්ටියක හැඩය ඇති හිස (The Coffin-Shaped Head)

මුන්ගේ තවත් භයානකම ලක්ෂණයක් තමයි හිසේ හැඩය. සත්ව විද්‍යාඥයෝ පවසන විදිහට බ්ලැක් මෑම්බා කෙනෙකුගේ හිස හැදිලා තියෙන්නේ හරියටම “මිනී පෙට්ටියක” (Coffin) හැඩයටයි. පෙනුමෙන්ම මරණය මතක් කරනවා කියන්නේ මෙන්න මේවටයි!

3. ගොඩබිම දිවීමේ වේගය සහ ක්ෂණික ප්‍රහාර!

බ්ලැක් මෑම්බා කියන්නේ ලෝකයේ ඉන්න වේගවත්ම සර්පයන්ගෙන් කෙනෙක්. මුන්ට පැයට කිලෝමීටර් 11ත් 19ත් අතර වේගයකින් කෙටි දුරක් ඇදෙන්න පුලුවන්. ඒ වගේම මුන් දෂ්ට කරන්නේ එක පාරක් නෙවෙයි. එක ලඟ ලඟ ක්ෂණිකව කිහිප වතාවක්ම (Striking repeatedly) දෂ්ට කරන්න මුන් පසුබට වෙන්නේ නැහැ.

4. මිනිස්සුන්ට පහර දෙනවද?

සාමාන්‍යයෙන් බ්ලැක් මෑම්බා කියන්නේ මිනිස්සු මඟඇරලා යන ලැජ්ජාශීලී සතෙක්. හැබැයි උන්ව කොටු කළොත් හෝ උන්ට තර්ජනයක් දැනුණොත්, මුන් පස්සට යන්නේ නැහැ. උන්ගේ සිරුරෙන් තුනෙන් එකක් විතර (අඩි කිහිපයක්) ඉහළට ඔසවාගෙන, කට ඇතුළ පෙන්වමින් පිඹින්න ගන්නවා . ඊට පස්සෙත් ලං වුණොත් අනිවාර්යයෙන්ම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා.

මුන්ගේ විෂ (Neurotoxin) මිනිසෙකුගේ ස්නායු පද්ධතිය විනාඩි 20ක් වැනි කෙටි කාලයකින් අක්‍රීය කරලා හෘදයාබාධයක් ඇති කරන්න සමත් වෙනවා. ප්‍රතිවිෂ (Antivenom) ඉක්මනින්ම නොලැබුණොත් මරණ අනුපාතය 100%ක්ම වෙනවා.

උපුටා ගැනීම : Unknown diary

What do you think?

Written by Mic

කූඹින්ගෙන් නාන අපූරු කුරුල්ලන්!

ලෝකයේ ජීවත් වෙන භයානකම කුරුල්ලා