in

මුහුදු පතුලේ අද්භූත රටා අඳින සෙන්ටිමීටර් 12ක පුංචි චිත්‍ර ශිල්පියා

ජපානයට ආසන්න මුහුදු පතුලේ තියෙන මීටර් 2ක් විතර විශාල, අද්භූත ජ්‍යාමිතික රටා (Crop circles) දැක්කම මුලින්ම ගොඩක් අය හිතුවේ මේවා පිටසක්වල ජීවීන්ගේ වැඩක් කියලයි. හැබැයි 1995 අවුරුද්දේ විද්‍යාඥයන් හොයාගත්තා මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක් නෙවෙයි, සෙන්ටිමීටර් 12ක් විතර දිග පිරිමි “පෆර් ෆිෂ්” (Pufferfish) කියන පුංචි මාළුවෙක්ගේ වැඩක් කියලා!

මේ පුංචි මාළුවා දවස් 7-9ක් පුරාවට එක දිගට විවේකයක්වත් ගන්නේ නැතිව මේ අපූරු රටා නිර්මාණය කරනවා. තමන්ගේ වරල් සහ ඇඟ පාවිච්චි කරලා වැලි එහා මෙහා කරමින්, හරිම පිළිවෙළට මේ ජ්‍යාමිතික හැඩතල නිර්මාණය කරන්න ඌ හරිම දක්ෂයි. ඒ විතරක් නෙවෙයි, මේ චිත්‍රය තවත් ලස්සන කරන්න ඌ මුහුදු බෙල්ලන්ගේ කටු සහ කොරල්පර කෑලි පවා එකතු කරලා වටේට ලස්සනට තියනවා.

මේ තරම් මහන්සි වෙන්නේ ඇයි? මේ හැමදෙයක්ම කරන්නේ ගැහැණු සතුන්ගේ හිත දිනාගන්නයි! ගැහැණු සතුන් මේ රටා පරීක්ෂා කරලා බලලා, බිත්තරවලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය හොඳින්ම ලැබෙන විදිහට ජල ප්‍රවාහයන් ගමන් කරන හොඳම කැදැල්ල තෝරාගන්නවා. ගැහැණු සතා එතන බිත්තර දාලා ගියාට පස්සේ මේ පිරිමි සතාගේ රාජකාරිය ඉවරයි. ඉන්පස්සේ මුහුදු රළ ඇවිත් මේ ලස්සන කලා නිර්මාණය සම්පූර්ණයෙන්ම මකලා දානවා.

උපුටා ගැනීම :Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

කොමෝඩෝ මකරා සතුන් මරන්නේ කටේ තියෙන විෂබීජ වලින් නෙවෙයි!

මිනිසුන්ට කලින් වායුසමීකරණ (A/C) පද්ධති හොයාගත්තු පුංචි වේයෝ