in

යාපනයේ ක්‍රිකට් පිටියෙන්, ලෝකයේ බලවත්ම රජ මාලිගයට ගිය අමුතුම කොල්ලාගේ කතාව! 

හිතන්නකො මුළු පළාතම යු ද පිටියක් වෙලා, හැම තැනම බෝ ම්බ සද්ද ඇහෙද්දී, අනාගතයක් ගැන හීන දකින්නවත් බය හිතුණු කාලෙක, යාපනයේ එක වීදියක සරලව ජීවත් වෙච්ච පොඩි කොල්ලෙක් හිටියා. කවුරුත් හිතුවේ නැහැ, කවදා හරි මේ කොල්ලා මුළු ලෝකයම තමන්ගේ නමට නතු කරගනීවි කියලා!

එදා යාපනයේ දූවිලි පිරුණු ක්‍රිකට් පිට්ටනියේ සෙල්ලම් කරපු ඒ කොල්ලා, අද බ්‍රිතාන්‍යයේ වින්ඩ්සර් මාලිගාව ඇතුළේ, තෙවන චාල්ස් රජු ඉදිරියේ දණ නමාගෙන ඉන්නවා. රජතුමා තමන්ගේ රාජකීය කඩුව ඔහුගේ උරහිස මත තියලා ලෝකයේ තියෙන ඉහළම ගෞරව නාමයක් ප්‍රකාශ කරනවා.

ඒ තමයි ශ්‍රීමත් නැත්නම් Sir කියන නයිට් පදවිය! ⚔️👑

මේක නිකන්ම නිකන් සම්මානයක් ලැබුණු කතාවක් නෙවෙයි. මේක හැමදේම අහිමි වෙච්ච තැනක ඉඳන්, අධ්‍යාපනය කියන එකම ආයුධය විතරක් අතට අරන්, ලෝකයේ සුපිරිතම අධිරාජ්‍යයක් දිනාගත්තු අපූරු ලාංකිකයෙක්ගේ, ඇඟ කිලිපොලා යන සැබෑ ජීවන අරගලයක කතාවයි.

ඔහු වෙන කවුරුත් නෙවෙයි, බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ සභාපති මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා, නැත්නම් දැන් අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් සර් නිෂාන් කනගරාජා! 🇱🇰✨

අපි හැරී පොටර් කතාවල, එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍ය රජකාලේ ෆිල්ම්වල විතරක් දැකපු මේ නයිට් පදවිය ලාංකිකයෙක්ට ලැබෙන්නේ කොහොමද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. බ්‍රිතාන්‍ය රාජකීය මාලිගාවෙන් නිකුත් කරපු විශේෂ නාමලේඛනයක මේ අපේ ලාංකිකයාගේ නම රන් අකුරින් ලියවිලා තිබුණේ හේතුවක් ඇතිවයි.

ඔහු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට කරපු අතිමහත් සේවය සහ ජාති, ආගම්, කුල භේදයකින් තොරව හැමෝටම සම අවස්ථා ලබාදෙන්න කරපු අසමසම මෙහෙවර නිසාමයි ඔහුට මේ ඇගයීම ලැබුණේ. වින්ඩ්සර් මාලිගයම එකම ආලෝකයක් වුණේ මේ අපූරු මිනිසාගේ ප්‍රණාම උත්සවයෙන්. එදා ඉඳන් ඔහු ලෝකය ඉදිරියේ සර් නිෂාන් වුණා. 😍🇬🇧

අපි යමුද චුට්ටක් අතීතයට?
1966 අවුරුද්දේ යාපනයේ උපත ලබන නිෂාන්, මූලික අධ්‍යාපනය ලබන්නේ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන්. ඒ දවස්වල ඔහු පොතේ පතේ වැඩවලට වගේම, ක්‍රීඩාවටත් අංක එක. ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල් විතරක් නෙවෙයි හොකී පිටියත් ඔහු තමන්ගේ දක්ෂතාවලින් හොල්ලලා තිබුණා.

ඒ විතරක්ද, පාසලේ හැමෝගෙම ගෞරවය දිනාගත්තු ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණෙත් ඔහුමයි. හැබැයි රටේ තිබුණු යුද වාතාවරණයත් එක්ක, තමන්ගේ හීනවලට පියාපත් දෙන්න ඔහු තීරණය කරනවා මව්බිමෙන් ටික කාලෙකට සමුගන්න. ✈️🎒

ඔහු කෙළින්ම පියඹලා යන්නේ ලෝකයේ බුද්ධිමතුන්ගේ තෝතැන්නක් වෙන සුප්‍රකට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට. එතැනදී තමයි ඔහුගේ ජීවිතයේ සැබෑ පෙරළිය සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රොනික හා තොරතුරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියකුත්, පස්සේ කාලෙක ඩිජිටල් සංඥා සැකසීම පිළිබඳ ආචාර්ය උපාධියත් (PhD) ඔහු ඉතාමත් සාර්ථකව නිම කරනවා.

නමුත් ගමන එතනින් නැවතුණේ නැහැ. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ ඉතාමත් සාමාන්‍ය පර්යේෂණ සහායකයෙක් විදිහට වැඩ පටන් ගන්නා මේ තරුණයා, තමන්ගේ තියුණු බුද්ධිය සහ කැපවීම නිසාම, අවුරුදු කිහිපයක් යද්දී ඒ විශ්වවිද්‍යාලයේම උප උපකුලපති ධුරය දක්වාම ඉහළටම යනවා. ඒක නිකන් හීනයක් වගේ නේද?

හැබැයි නියම සුපිරිම පෙරළිය සිද්ධ වෙන්නේ, ඔහු ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ සභාපති සහ උපකුලපති ධුරයට පත්වෙද්දී. ඒක සාමාන්‍ය පත්වීමක් නෙවෙයි, ලෙස්ටර් විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවටම සුළුතර ජන වර්ගයකින් ඒ වගේ ඉහළම පුටුවකට පත්වුණු ප්‍රථම සහ එකම පුද්ගලයා බවට පත්වෙන්නේ අපේ මේ ලාංකිකයායි! 🦁🔥

ඔහු ඒ පුටුවේ වාඩිවෙලා නිකන් හිටියේ නැහැ. තමන් ආපු දුෂ්කර ගමන අමතක නොකරපු සර් නිෂාන්, ලෙස්ටර් විශ්වවිද්‍යාලය මුළු බ්‍රිතාන්‍යයේම තියෙන වඩාත්ම විවිධත්වයෙන් යුත්, මානුෂීය විශ්වවිද්‍යාලයක් බවට පත්කළා.

යුද්ධයෙන් බැටකාපු යුක්රේන, පලස්තීන උගතුන්ට සහ ලෝකය පුරා අසරණ වුණු සරණාගතයින්ට අධ්‍යාපනයේ දොරටු විවර කරලා දෙමින්, ලෙස්ටර් විශ්වවිද්‍යාලය සරණාගතයන්ගේ විශ්වවිද්‍යාලයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න ඔහු නායකත්වය දුන්නා. ඔහුගේ මේ මානුෂීය සහ දූරදර්ශී නායකත්වය නිසාම, ලෙස්ටර් විශ්වවිද්‍යාලය වසරේ විශ්වවිද්‍යාල සම්මාන 3ක්, Teaching Excellence Framework රන් සම්මානය වගේම බ්‍රිතාන්‍යයේ ඉහළම පර්යේෂණ විශ්වවිද්‍යාල 30 අතරටත් තේරී පත්වුණා! 🎓🌟

මේ හැම රාජකීය සම්මානයක්ම, ඇගයීමක්ම අතට ගත්තු වෙලාවේ සර් නිෂාන් කනගරාජා මහතා ලෝකයටම ඇහෙන්න කියපු, අපූරු කතාවක් තියෙනවා

“මෙම සම්මානය චාල්ස් රජුගෙන් ලැබීම ගැන මම අතිශයින් ගෞරවයට හා කෘතඥතාවයට පත්වෙනවා. යු ද වි# නාශයෙන් බැටකාපු දේශයක සරල පිරිමි ළමයෙකු ලෙස සිට අද මෙවැනි රාජකීය පිළිගැනීමක් ලැබීම සැබවින්ම අදහාගත නොහැකි කැපී පෙනෙන ගමනක්. මේ හැමදේම කළ හැකි වුණේ අධ්‍යාපනයේ තියෙන පරිවර්තනීය බලය නිසයි. ඒ නිසයි මම තීරණය කළේ අන් අයටත් තමන්ගේ සිහින සැබෑ කරගන්න තියෙන බාධක ඉවත් කරන්න මගේ ජීවිතය කැප කරනවා කියලා” 🥹❤️

යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ දූවිලි පිරුණු ක්‍රීඩා පිටියෙන් පටන් ගත්තු ඒ අහිංසක, බාධක පිරුණු ගමන කේම්බ්‍රිජ්, බ්‍රිස්ටල් හරහා ගිහින් අද බ්‍රිතාන්‍යයේ ඉහළම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නායකයෙක් වෙලා, නයිට් පදවියකින් කෙළවර වෙලා තියෙනවා.

මේක අද ලංකාවේ ඉන්න, අපිට හරියන්නේ නැහැ, රටේ ප්‍රශ්න, සල්ලි නැහැ කියලා බැන බැන ඉන්න හැම තරුණයෙක්ටම කම්මුල් පාරක් වගේ වටිනා ආදර්ශයක්. ප්‍රශ්න, බාධක, යුද්ධ මොනවා තිබුණත්, තමන් කරන දේ හරියටම කරලා, අධ්‍යාපනයයි, නොසැලෙන කැපවීමයි ළඟ තියාගත්තොත් ලෝකයේ බලවත්ම රජු පවා ඔබට හිස නමන දවසක් එනවා කියන එකට සර් නිෂාන් කනගරාජා කියන්නේ සජීවී සාක්ෂියක්! 🎯

උත්සාහයයි බුද්ධියයි තියෙනවා නම් ඔයාටත් පුළුවන් මුළු ලෝකයම දිනන්න!

අපේ මව්බිමේ නම ලෝක සිතියමේ ඉහළින්ම තැබූ සර් නිෂාන් කනගරාජා මහතාණෙනි, මුළු මහත් ශ්‍රී ලංකාවම ඔබට හිස නමා ආචාර කරනවා! ඔබට අපේ උණුසුම්ම සුබපැතුම්!

උපුටා ගැනීම : Hela Rahas

What do you think?

Written by Mic

සත්ව ලෝකයේ විශ්මයජනකම ගුවන් ගමන්වලින් එකක්!

බුදු හිමිගේ සැබෑ පාත්‍ර ධාතුව අදටත් සුරක්ෂිතව තියෙන්නේ මුස්ලිම් පල්ලියකද?