Tenerife airport disaster (1977) ! ![]()
![]()
ගුවන් අනතුරක් කිව්වම අපේ හිතට එන්නේ අඩි දහස් ගණනක් ඉහළ අහසේදී යානයක් අනතුරට පත්වෙන එකනේ. හැබැයි ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ සිද්ධ වුණු දරුණුම සහ මාරාන්තිකම ගුවන් අනතුර සිද්ධ වුණේ අහසේදී නෙවෙයි, පොළොවේ ධාවන පථයක් (Runway) උඩදී කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද?
ඔව්, අදින් දශක කිහිපයකට කලින්, ඒ කියන්නේ 1977 මාර්තු 27 වැනිදා ස්පාඤ්ඤයට අයත් ටෙනරීෆ් (Tenerife) කියන පුංචි දූපතේදී මිනිස් ජීවිත 583ක් එකම මොහොතකදී අළුවෙලා ගිය ඒ මහා ඛේදවාචකය සිද්ධ වුණේ කොහොමද?
මතුපිටින් බලද්දී අහඹු සිදුවීම් මාලාවක් වගේ පෙනුනත්, මේ විනාශය පිටුපස තිබුණේ බයටම ඇඟ කිලිපොලා යන වැරදීම් ටිකක්… ![]()
1. ලෝකයේ යෝධයෝ දෙන්නෙක් මුහුණට මුහුණ!
ඒ කාලේ ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානා වුණේ බෝයිං 747 (Jumbo Jet) යානා. මේ අනතුරට පැටලුණේ අන්න ඒ වගේ යෝධ යානා දෙකක්. එකක් ඕලන්දයට අයත් KLM යානය, අනෙක ඇමරිකාවට අයත් Pan Am යානය. මේ යානා දෙකම ඇත්තටම යන්න තිබුණේ වෙනත් ගුවන් තොටුපළකට. හැබැයි එතැන සිද්ධ වුණු බෝම්බ පිපිරීමක් නිසා මේ යානා දෙකටම හදිසියේම ටෙනරීෆ් කියන පුංචි, පහසුකම් අඩු ගුවන් තොටුපළට ගොඩබස්වන්න සිද්ධ වුණා. මරණය එයාලව ඒ පුංචි තොටුපළට ඇදලා ගත්තේ අන්න එහෙමයි.
2. දෑස අන්ධ කළ “මාරක මීදුම”
මේ පුංචි ගුවන් තොටුපළ එකපාරටම මහා ඝන මීදුමකින් වැහිලා ගියා. තත්ත්වය කොච්චර දරුණුද කියනවා නම්, ගුවන් නියමුවන්ට තමන්ගේ යානයෙන් ඉස්සරහ තියෙන ධාවන පථය පෙනුණේ නෑ. ඒ මදිවට ඒ කාලේ මේ තොටුපළේ Ground Radar පද්ධතියක් තිබුණෙත් නෑ. ඒ කියන්නේ ගුවන් පාලක මැදිරියේ (ATC) ඉන්න අයටත් ධාවන පථය උඩ යානා තියෙන්නේ කොහේද කියලා ඇස් දෙකෙන් බලාගන්න කිසිම ක්‍රමයක් තිබුණේ නෑ. හැමදේම තීරණය වුණේ රේඩියෝ සන්නිවේදනයෙන් විතරයි!
3. එකම එක වචනයක මාරක වැරදීම!

මේ අනතුර වෙන්න ප්‍රධානම හේතුව තමයි රේඩියෝ සන්නිවේදනයේ සිද්ධ වුණු එකම එක වචනයක පටලැවිල්ල. KLM යානයේ ප්‍රධාන නියමුවා වුණේ Jacob Veldhuyzen van Zanten කියන ඉතාමත් ප්‍රසිද්ධ, ජ්‍යෙෂ්ඨ නියමුවෙක්. යානය ධාවන පථය දිගේ ඉදිරියට අරන් යන්න ලෑස්ති වෙලා ඔහු පාලක මැදිරියට කිව්වා “We are now at take-off” කියලා.
ඔහු අදහස් කළේ “අපි දැන් යානය ඉහළට ඔසවන්නයි හදන්නේ” කියලා. හැබැයි පාලක මැදිරිය හිතුවේ “අපි දැන් take-off එකට සූදානම් වෙලා ඉන්නවා” කියලා විතරයි. ඒ වෙලාවෙම Pan Am යානයත් ඒ ධාවන පථයේම මීදුම අස්සේ ඉදිරියට එමින් තිබුණේ! පාලක මැදිරිය KLM යානයට “OK” කියලා පණිවිඩයක් දෙද්දී, ඒත් එක්කම Pan Am යානය “අපි තවම Runway එක උඩ ඉන්නවා” කියලා කෑගැසුවත්, රේඩියෝ තරංග එකිනෙක ගැටීම නිසා (Radio Interference) නියමුවාට ඇහුණේ “OK” කියන කෑල්ල විතරයි!
4. ටොන් ගණනක ගිනි ජාලාවක්!
ලොකු වේගයකින් ඉදිරියට ඇදුණු KLM යානයේ නියමුවා මීදුම අස්සෙන් එකපාරටම දැක්කා තමන්ගේ ඉදිරියෙන්ම තියෙන Pan Am යෝධ යානය! ඔහු උපරිම උත්සාහයක් අරන් යානයේ ඉදිරිපස ඉහළට එසෙව්වා. හැබැයි KLM යානයේ බඩ කොටස Pan Am යානයේ ඉහළ කොටසේ මාරක විදියට ගැටුණා.
ක්ලැම් යානය සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවාගෙන තිබුණු නිසා ගැටුණු සැනින් මුළු පළාතම හොල්ලගෙන මහා පිපිරීමක් සිද්ධ වුණා. යානා දෙකම තත්පර ගණනක් ඇතුළත මහා ගිනි ජාලාවක් බවට පත්වුණා. KLM යානයේ සිටි සියලුම දෙනාත්, Pan Am යානයේ සිටි බහුතරයකුත් ඒ ගින්නට අහුවෙලා සජීවීවම පිළිස්සී මියගියා. බේරෙන්න ලැබුණේ Pan Am යානයේ හිටපු 61 දෙනෙකුට විතරයි.
මරණයෙන් වෙනස් වුණු ලෝකය!
මේ දරුණුම විනාශයෙන් පස්සේ මුළු ලෝකයේම ගුවන් ගමන් නීති සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ගුවන් නියමුවන් සහ පාලක මැදිරිය අතර කතා කරද්දී “OK” හෝ “At take-off” වගේ පටලැවෙන වචන පාවිච්චි කිරීම සපුරා තහනම් කෙරුණා. ඒ වෙනුවට ලෝකයේ ඕනෑම රටක අදටත් පාවිච්චි කරන “Take-off” සහ “Departure” වැනි නිශ්චිත ජාත්‍යන්තර ගුවන් වචන මාලාවන් (Standard Phraseology) අනිවාර්ය කෙරුණේ මේ අනතුරෙන් පස්සෙයි.
එකම එක තත්පරයක නොයිවසිලිමත්කම සහ වචනයක පටලැවිල්ලක් මිනිස් ජීවිත 583ක් මේ පොළොවෙන් අතුගාලා දැම්මේ අන්න ඒ විදියටයි! ![]()
උපුටා ගැනීම : Unknown Diary


