වියට්නාමයේ ඉතාම දුප්පත් පවුලක ඉපදුණු උන්වහන්සේගේ එකම හීනය වුණේ ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙන එක. 1997 දී අතේ සතේ නැතුව ඇමරිකාවට යන්නේ ඒ හීනය පස්සේ. රෑ දවල් වෙහෙස වෙලා ඉගෙනගෙන ලෝකප්‍රකට Motorola සමාගමේ ඉහළම පෙළේ ඉංජිනේරුවෙක් වෙන්න උන්වහන්සේට පුළුවන් වුණා.
හොඳ පඩියක් සමාජ ගරුත්වය සුඛෝපභෝගී ජීවිතය… සාමාන්‍ය මනුස්සයෙක් හීන දකින හැමදේම උන්වහන්සේ ළඟ තිබුණා. හැබැයි ඒ කිසිම දෙයකින් හිතට සැබෑ සැනසීමක් ලැබුණේ නැහැ 2007 දී උන්වහන්සේ ලෝකයම පුදුම කරමින් තීරණයක් ගත්තා
තමන් සතු සියලු සැප සම්පත් ඉංජිනේරු වෘත්තිය අතහැරලා උන්වහන්සේ මහණ වුණා. ලෝකයට පෙන්නන්න හැදුවේ එකම එක දෙයයි.
“සැබෑ සැනසීම තියෙන්නේ භෞතික සම්පත්වල නෙවෙයි තමන්ගේ හිත ඇතුළේ” කියන සත්‍යයයි.
උන්වහන්සේගේ මේ සාමයේ ගමන ලෝකයේ අවධානය දිනාගත්තේ පසුගිය කාලයේදීයි. 2025 ඔක්තෝබර් 26 (ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් නුවරින්)
2026 පෙබරවාරි 10 (වොෂිංටන් ඩී.සී. නුවරදී)
සැතපුම් 2300ක් (අදියර 108ක්)
සැතපුම් 2300ක් කියන්නේ ලේසි දුරක් නෙවෙයි. උන්වහන්සේ මේ ගමන ගියේ කාටවත් බණ කියන්නවත් දේශපාලන විරෝධතාවක් කරන්නවත් නෙවෙයි. උන්වහන්සේ පියවරෙන් පියවර ඉදිරියට ගියේ නිහඬව උන්වහන්සේගේ එක පියවරක් ප්‍රාර්ථනාවක් වුණා. එක හුස්මක් භාවනාවක් වුණා. සමහර දවස්වලට රෑ ගත කළේ මහමග ගහක් යට එහෙමත් නැත්නම් අහස යට. අයිස් වගේ සීතල, වැස්ස, අව්ව මේ කිසිම දෙයක් ඒ අධිෂ්ඨානය නතර කළේ නැහැ.
නිහඬව සැතපුම් දහස් ගණන් ඇවිදින මේ ස්වාමීන් වහන්සේගේ මුහුණේ තියෙන ඒ ශාන්ත බව ලෝකයේ තියෙන කිසිම මුදලකට ගන්න බැහැ.
කිසිම වචනයක් කතා නොකර හුදෙක් ඇවිදීමෙන් පමණක් ලෝකයේම හදවත් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරන්න මේ හිමියන්ට පුළුවන් වුණා.
ඔබවහන්සේ මේ සිදුකරන යහපත් ක්‍රියාව තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා.! ![]()
![]()
උපුටා ගැනීම : Dutu Nodutu Lokaya


