in

වී අයි ලෙනින්

ධනවාදය යනු ඒකාධිපතිත්වයයි. ඒ තුල ධනය බලය වෙයි. සමාජවාදය යනු සමානාත්මතාවයයි. ඒ තුල සමාජයේ පොදු මතය බලය වෙයි.

1870 අප්‍රේල් 22 දින ව්ලැඩිමීර් ඊලිච් උල්යානොව් නොහොත් ලෙනින් උපත ලබන්නේ උග්‍ර ධනවාදයෙන් බැට කමින් සිටි යුරෝපීය මිනිසුන් සමාජවාදය වැළඳ ගනිමින් ධනේශ්වරයට එරෙහිව සටන් කරමින් සිටින අවධියකය. රුසියාව එවක සාර්වරුන්ගේ පාලනයට යටත්ව තිබිණි. අද මෙන්ම එකලද ජාතිවාදය සහ වර්ගවාදය ධනේශ්වර පාලකයාගේ ආයුධ විය. කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් විසින් 1848 දී රචිත කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව සහ දාස් කැපිටාල් වැනි රචනා බුද්ධිමත් නිර්ධන පන්තික තරුණ තරුණියන් ධනවාදයේ මායාවෙන් ගලවා සත්‍යයේ අභිමුව හිටගැස්විය. යුරෝපයේ විප්ලවයේ ගිනිදළු නගින්නට වුයේ එම තරුණ තරුණියන් ආගම්වාද සහ ජාතිවාද පසෙකලා ධනේශ්වර පැලැන්තියට එරෙහිව කැරලි පිට කැරලි ගසමින් ඔවුන්ගේ අරගලය ආරම්භ කල විටයි.

තරමක් ධනවත් පවුලක ඉපදුනු ලෙනින් සමාජවාදයට වඩාත් නැඹුරු වන්නේ ඔහුගේ වැඩිමල් සහෝදරයා ඒකාධිපති සාර් පාලනය විසින් රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ වරදට එල්ලා මැරීමෙන් පසුවය. වැඩිදුර අධ්‍යාපනය සඳහා කසාන් විශ්ව විද්‍යාලයේ නීති වේදය හැදෑරීමට යන ලෙනින් එහි ශිෂ්‍ය සංගම් හා එකතුව සාර් පාලනයට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරීම නිසා විශ්ව විද්‍යාලයෙන් මෙන්ම කසාන් නගරයෙන්ද පිටුවහල් කරනු ලබනවා.එතනින් පසු රුසියානු සමාජවාදී කඳවුරේ ප්‍රභල භූමිකාවක් අත්කරගන්නා ලෙනින් ශාන්ත පිතර් බර්ගයට පැමිණෙන්නේ එහි සිට නීති විභාගයට පෙනී සිටීම සඳහාය.

එකදිපති සාර් පාලනය සමාජවාදී පිබිදීම මර්ධනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගනිමින් විප්ලවවාදීන් ළුහු බැඳ ගොස් දඩයම් කරන්නට ඔවුන්ගේ හමුදාව සහ පොලීසිය යෙදවීය. රැස්වීමේ ඉඩ ප්‍රස්ථාව නැති වූ තැන විප්ලවවාදීන් ධනවාදීන්ගේ අතකොළුවක් වූ මුද්‍රිත ජනමාධ්‍යය සමාජවාදී විප්ලවයට යොදා ගන්නේ නිර්ධන පන්තික කම්කරුවන් සහ ගොවියන් හමුවේ සත්‍ය තැබීමට වෙනත් මාර්ගයක් නොවූ නිසාවෙනි.

එසේ රුසියානු කාර්මික ජනපද හා ගොවි ජනපද තුල විසිරී ගිය බොහෝ ලිපි ලෙනින්ගේ අතින් ලියවුනු ඒවා විය. ලෙනින්ගේ රචනා දුක්ඛිත ජිවිත ගෙවූ පිඩිත මිනිසුන්ට නව ජීවයක් දෙන්නට විය. නව අරමුණක් දෙන්නට විය. වොඩ්කාවලින් මත් වී ගණිකා නිවාස වල ජිවිත දියාරු කල තරුණයෝ යුක්තියේ අරුණළු මැඳින් පෙරට ඇවිද එන්නට විය.

එවක සීග්‍රයෙන් කාර්මීකරණය වෙමින් පැවති රුසියාව සහ යුරෝපය තුල සමාජ ක්‍රමයද සීග්‍රයෙන් වෙනස් වෙමින් පැවතින. සමාජවාදය සහ අනෙකුත් දේශපාලනික මතවාද හා බැඳී විවිධ කණ්ඩායම් අරගලය උදෙසා විවිධ ක්‍රම යෝජනා කරමින් සංවාද මතින් පෙරට එමින් සිටියේය. යුරෝපය පුරා විවිධ කණ්ඩායම් හමුවෙමින්, මතවාද අධ්‍යනය කරමින් ලෙනින් ස්වකීය මතවාදයක් ගොඩනගන්නට විනි.

රුසියානු සමාජවාදී පක්ෂය බිහිකරගන්නා ලෙනින් පසු කාලයේදී එහි ඔහුට පක්ෂ බහුතරය හා එක්ව බෝල්ෂෙවික් කණ්ඩායම නිර්මාණය කර ගනී. වර්ෂ 1905 දී පළමු අරගලය සමඟින් ශාන්ත පිතර් බර්ගයේදී ඇරඹෙන මහා රුසියානු විප්ලවය 1917 පෙබරවාරියේදී සාර් ඒකාධිපතීත්වය බිඳ දමමින් ද 1922 දී සෝවියට් සමුහාණ්ඩුව නිර්මාණය කරමින්ද නිම විය. එය ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍යය විය. ලෙනින් එහි අසහාය නායකයා විය. යුරෝපයේ වූ බොහෝ ධනවාදී රදළයන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ අතර ඇමෙරිකාව ලෝකයේ දක්ෂිණාංශික අන්තයත් රුසියාව ලෝකයේ වාමාංශික අන්තයත් ලෙස අධිරාජ්‍යයන් දෙකක් ගොඩ නැගෙන්නට විය.

Knowledge “දැනුම “

What do you think?

Written by Mic

වේදනාව, කුසගින්න සහ වෙහෙස නොදැනෙන දැරියක්!