in

සද්දෙට ගලන වතුර පාරක් නිසා… කඳු තරණය කෙළවර වූ දරුණු වලස් ප්‍රහාරය!

අපි කැලෑවක ඇවිදින්න යද්දී හැමෝම බලන්නේ ඇස් දෙක ඇරලා අවට බලන්න විතරයි. හැබැයි අපිට ඇහෙන්නේ නැති සද්ද කොච්චර අනතුරුදායකද කියලා පෙන්වන සිදුවීමක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

ඇමරිකාවේ “Glacier” ජාතික උද්‍යානයේ සුප්‍රසිද්ධ කඳුකර මාර්ගයක (Grinnell Glacier Trail) ගිය 32 හැවිරිදි තරුණයෙකුට එකපාරටම Grizzly වර්ගයේ යෝධ වලසෙක් මුණගැසුණා. වලසා එකපාරටම කඩා පැනලා මේ තරුණයාගේ අතක් කඩලා දාලා පැනලා ගිහින්.

වලසා එකපාරටම කඩා පැන්නේ ඇයි?

මේ සිදුවීම වුණේ වේගයෙන් වතුර ගලාගෙන යන දියපාරක් ලඟ. වතුර ගලන සද්දේ කොච්චර සැරද කියනවා නම්, වලසට මිනිහෙක් එන සද්දේ ඇහුණෙත් නෑ, මිනිහට වලසා ඉන්න සද්දේ ඇහුණෙත් නෑ. දෙන්නම එකපාරටම මූණට මූණ හම්බවුණා.

වලස්සු එකපාරටම බය වුණාම කරන්නේ පහර දෙන එකයි.

වලස්සුන්ගෙන් බේරෙන්න උපදෙස්:

සද්ද කරන්න: පෙනීම අඩු තැන්වලදී සහ වතුර සද්ද තියෙන තැන්වලදී කතා කරමින් හෝ සද්ද කරමින් යන්න. එතකොට සත්තු කලින්ම අයින් වෙනවා.

කණ්ඩායම් ලෙස යන්න: තනියම යනවාට වඩා පිරිසක් එක්ක යාම ආරක්ෂිතයි.

Bear Spray ළඟ තබාගන්න: වලසුන් පලවා හරින ස්ප්‍රේ එකක් නිතරම ලඟ තබාගන්න

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

මාරකයේ සෙවනැල්ල..

හයිනා පවුලේ ඉන්න “වලස් මූණා”