in

සමුද්‍රයේ වේගයෙන් යන සුපිරි ධාවකයා!

ඔබ දන්නවාද මුහුදේ ඉන්න වේගවත්ම ජීවියා කවුද කියලා? ඒ තමයි සෙයිල්ෆිෂ් (Sailfish)! ගොඩබිම ඉන්න වේගවත්ම සත්වයා චීටා නම්, මුහුදේ ඒ ගෞරවය හිමි වෙන්නේ මෙයාටයි.

🧬 කවුද මේ සෙයිල්ෆිෂ්?

විද්‍යාත්මකව මොවුන් Istiophoridae කුලයට අයත් වෙනවා. මෙයාලා මර්ලින් (Marlin) සහ swordfish මාලුවට පෙනුමෙන් සමාන වුණත්, පිටේ තියෙන විශාල “වරල” නිසා ලෙහෙසියෙන්ම හඳුනාගන්න පුළුවන්.

📏 ප්‍රමාණය සහ පෙනුම

• දිග: සාමාන්‍යයෙන් අඩි 10ක් (මීටර් 3ක්) විතර වෙනකම් වැඩෙනවා.

• බර: කිලෝග්‍රෑම් 90ක් විතර වෙනකම් බර වෙන්න පුළුවන්.

• සුවිශේෂී “රුවල”: මෙයාගේ පිටේ තියෙන විශාල වරල රුවලක් වගේ. අවශ්‍ය වෙලාවට විතරක් මේ වරල දිග හරින මෙයා, වේගයෙන් යද්දී ඒක ශරීරයටම නමාගෙන ජලයේ ප්‍රතිරෝධය අඩු කරගන්නවා.

🚀 විස්මිත වේගය

මෙයාට පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් පිහිනන්න පුළුවන්. ඒ කියන්නේ හයිවේ එකක යන වාහනයක වේගයටත් වැඩියි! සාමාන්‍ය මත්ස්‍යයෙකුට හීනෙකින්වත් හිතන්න බැරි වේගයක් මෙයාලට තියෙන්නේ.

🌎 ජීවත් වන ප්‍රදේශ

සෙයිල්ෆිෂ් ලෝකයේ උණුසුම් සාගර කලාපවලට වැඩියෙන් කැමතියි. විශේෂයෙන්ම අත්ලාන්තික් සහ ඉන්දු-පැසිෆික් සාගර කලාපවල මොවුන් බහුලව දකින්න ලැබෙනවා.

⚔️ දඩයම් උපක්‍රම

මෙයාගේ උල් වුණු හොට හරියට කඩුවක් වගේ. දඩයම් කරද්දී කුඩා මත්ස්‍ය රංචු අතරට ගිහින් මේ හොටෙන් පහර දීලා ගොදුරු අඩපණ කරන්න මෙයා දක්ෂයි. ඒ වගේම දඩයම් කරන වෙලාවට ශරීරයේ වර්ණය තත්පර කිහිපයකින් වෙනස් කරලා ගොදුරුවල ඇස් නිලංකාර කරන්නත් මෙයාලට පුළුවන්!

මේ වගේ විස්මිත තොරතුරු තවත් දැනගන්න අපේ පිටුව Follow කරන්න! ❤️

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

සෙල්සියස් අංශක ඍණ 40ක (-40°C) සීතලේ පැටවුන්ව රකින හිම වලසුන්ගේ අපූරු ගෙදර

අහස ඉරි තලන මැජික් එකේ රහස