in

වෛද්‍යවරුන්ටත් මඟහැරුණු පුදුමය! ස්කෑන් පරීක්ෂණවලින් දරුවන් 7ක්… උපත ලැබුවේ 9ක්!

25 හැවිරිදි මාලි ජාතික කාන්තාවක් දරුවන් නවදෙනෙකුට එකවර උපත ලබා දී තිබේ. විශේෂත්වය වන්නේ වෛද්‍යවරුන් ස්කෑන් පරීක්ෂණවලදී හඳුනාගෙන තිබුණේ දරුවන් හත්දෙනෙකු පමණක් වීමයි.
හලීමා සිසේ (Halima Cissé) නම් මෙම කාන්තාව දරුවන් නවදෙනාටම උපත ලබා දුන්නේ මොරොක්කෝවේදීය. ඇයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා මාලි රජය විසින් ඇයව මොරොක්කෝවට ගෙන ගොස් තිබිණි.
“මම ඉතාමත් සතුටින් ඉන්නේ,” ඇගේ සැමියා BBC පුවත් සේවයට පවසා තිබේ.
“මගේ බිරිඳත් දරුවනුත් හොඳින් ඉන්නවා. දරුවන් අතර ගැහැනු දරුවන් පස්දෙනෙකු සහ පිරිමි දරුවන් සිව්දෙනෙකු සිටිනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
හලීමාගේ ගැබ් ගැනීම මාලි රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ විශේෂ සිදුවීමක් බවට පත්ව තිබිණි. වෛද්‍යවරුන් ඇයගේ කුස තුළ දරුවන් හත්දෙනෙකු සිටින බවට සිතා සිටි කාලයේ පවා මෙම සිදුවීම පිළිබඳව බොහෝ දෙනා උනන්දුවෙන් පසුවූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya

What do you think?

Written by Mic

AI නිර්මාණයක් යැයි ලොවම රැවටූ, සැබෑ සුදු සිංහ පැටවා ලූනා!

වසර 11කට පෙර අවන්හලෙන් පිටත පාඩම් කළ පුංචි දරුවා අද එම අවන්හලේම සේවකයෙක්!