in

වසර 2000කට කලින් චීන ගුහා චිත්‍ර ඇඳලා තියෙන්නෙ ලේ වලින්..

අවුරුදු 2,000ක් පරණ චීන චිත්‍රවල පාට මෙච්චර කල් මැකෙන්නේ නැතුව තියෙන්න හේතුව විද්‍යාඥයෝ දැන් හොයාගෙන තියෙනවා. මේකට පාවිච්චි කරලා තියෙන රහස් අමුද්‍රව්‍යය මොකක්ද කියලා ඇහුවොත් ඔයාට හිතාගන්නවත් බැරි වෙයි.

චීනයේ දකුණු දිග ප්‍රදේශයේ තියෙන ශවුජියන් හූෂැන් (Zuojiang Huashan) කියන පර්වත සිතුවම් ගැන අහලා තියෙනවාද..? මේවා අවුරුදු 2,000 කට වඩා පරණයි. ඒත් මේ කාලය පුරාවටම දරුණු රස්නය, මහ වැසි සහ සුළි කුණාටු වලට අහුවෙලා වුණත් මේ රතු පාට සිතුවම් වල පාට චුට්ටක්වත් මැකිලා නෑ.

මෙච්චර කාලයක් ඉතිහාසඥයෝ හිතාගෙන හිටියේ මේවා අඳින්න ශාක යුෂ පාවිච්චි කරන්න ඇති කියලයි. හැබැයි මේකේ ඇත්තම කතාව ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කියලා දැන් හොයාගෙන.

2026 වසරේදී ජර්නල් ඔෆ් ආර්කියොලොජිකල් සයන්ස් සඟරාවේ පළවුණු අලුත්ම පර්යේෂණයකින් මේ සිතුවම් වල කෑලි අරගෙන නවීන ප්‍රෝටීන විශ්ලේෂණයක් කරලා තියෙනවා. එතකොට තමයි හොයාගෙන තියෙන්නේ මේ සායම් වලට මිනිස් සහ සත්ව ලේ කලවම් කරලා තියෙනවා කියලා.

මේ පර්යේෂකයෝ හොයාගත්තු විශේෂම දේ තමයි, මේ සායම් වල තිබිලා මව්වරුන්ගේ සිරුරේ හැදෙන විශේෂ ප්‍රෝටීන වර්ග දෙකක් හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ, අතීත ලුවෝයු ජාතිකයින් මේ චිත්‍ර අඳින්න පාවිච්චි කරලා තියෙන්නේ දරු ප්‍රසූතියෙන් පසුව පිටවන රුධිරය.

ඒ කාලේ මේ සමාජය මූලික වශයෙන් කාන්තාවන් මූලික කරගත්තු සමාජයක්. ඉතින් දරු ප්‍රසූතියේ ලේ පාවිච්චි කළේ සශ්‍රීකත්වය සංකේතවත් කරන ආගමික චාරිත්‍රයක් විදිහට විතරක් නෙවෙයි. ඒක පිටිපස්සේ පුදුම රසායන විද්‍යාවකුත් තියෙනවා.

මේ මව්වරුන්ගේ ලේ වල තියෙන ප්‍රෝටීන, අර රතු මැටි සහ හුණු සායම් එක්ක එකතු වුණාම අපූරු රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒකෙන් කැල්සියම් කාබනේට් ස්ඵටික හැදිලා, සායම් ටික අර හුණුගල් පර්වතයටම පාස්සනවා වගේ අතිශයින්ම තදින් ඇලෙනවා. මේක හරියට සුපිරි මැලියම් එකක් වගේ.

මේ සායම් බැඳීම කොච්චර හයියද කියනවා නම්, විද්‍යාඥයන්ට මේ සිතුවම් වලින් පරීක්ෂණ වලට පොඩි සාම්පලයක් ගන්න පවා විදුලි ඩ්‍රිල් මැෂින් පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා.

නිකමට හිතලා බලන්නකෝ… අවුරුදු 2,000 කට කලින් හිටපු මිනිස්සු තමන්ගේ ආගමික චාරිත්‍ර වගේම, රසායන විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණය කොච්චර අපූරුවට එකට සම්බන්ධ කරලා තියෙනවාද කියලා. මේ සිතුවම් අදටත් මේ තරම් ලස්සනට තියෙන්නේ අන්න ඒ රහස නිසයි.

අතැඹුල

What do you think?

Written by Mic

කුඩා දැරිය සහ ඇගේ ඔටුවා

අවුරුදු 20ක් දම්වැල් දාලා හිටිය පූමා…