මේ දෙක ගැනම අපි නිතර අහන ජනප්රිය කතා තියෙනවා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි.
Taj Mahal
Taj Mahal එක මූලික වශයෙන් ඉදිකරනු ලැබුවේ Mughal අධිරාජ්යයා වූ Shah Jahan විසින් ඔහුගේ බිරිඳ වූ Mumtaz Mahalගේ මරණය සිහිපත් කිරීම සඳහා වූ සොහොන් ස්මාරකයක් ලෙසයි.
Mumtaz Mahal 1631දී දරුවෙකු බිහිකිරීමේදී මියගිය අතර, ඇය වෙනුවෙන් විශාල සොහොන් සංකීර්ණයක් ඉදිකිරීමට Shah Jahan කටයුතු කළා.
ඒ නිසා අද Taj Mahal එක ආදරයේ සංකේතයක් ලෙස ලෝකය පුරා ප්රසිද්ධයි.
හැබැයි එය සොහොන් ස්මාරකයක් පමණක් නොවෙයි. එය විශාල සොහොන් සංකීර්ණයක් වන අතර, මුස්ලිම් වාස්තු විද්යාවේ බලපෑම්, උද්යාන, මස්ජිදය සහ අනෙකුත් ගොඩනැගිලි ඇතුළත් විශාල රාජකීය ව්යාපෘතියක්.
Sigiriya
Sigiriya ගැනත් ජනප්රියව කියන්නේ කාශ්යප රජු තම සහෝදරයා වූ මුගලන්ගෙන් බිය වී එය ඉදිකළා කියලයි.
කාශ්යප රජුගේ පාලන කාලයේ දේශපාලන තර්ජන තිබූ බවත්, Sigiriya ආරක්ෂිත ස්ථානයක් ලෙස භාවිත කළ බවත් පැහැදිලියි.
නමුත් “බයට හැදුවා” කියලා පමණක් Sigiriya විස්තර කරන්න බැහැ.
Sigiriya තුළ තිබෙන මාලිගා, උද්යාන, පොකුණු, දියුණු ජල පද්ධති, බිතු සිතුවම් සහ ආරක්ෂක සැලසුම් පෙන්වන්නේ එය රාජකීය වාසස්ථානයක්, බලකොටුවක් සහ විශාල රාජකීය නිර්මාණයක් ලෙස සැලසුම් කළ ස්ථානයක් බවයි.
ඒ නිසා…
Taj Mahal — ආදරය හා මතකය නිරූපණය කරන සොහොන් ස්මාරකයක්.
Sigiriya — ආරක්ෂාව, රාජකීය බලය, වාසස්ථානය, කලාව සහ ඉංජිනේරු දැනුම එකට එකතු වූ රාජකීය නගර සංකීර්ණයක්.
ඒ නිසා “Taj Mahal ආදරේට, Sigiriya බයට” කියන වාක්යය ඉතිහාසය සම්පූර්ණයෙන්ම ඒ වාක්යෙයන් විස්තර කරන්න බැහැ.
දැනුම

