in

Stingray Skeleton: Nature’s Intricate Masterpiece

මේ තියෙන්නේ පුදුමාකාර මඩු සැකිල්ලක් (Stingray Skeleton). මඩුවන් කියන්නේ සත්ත්ව විද්‍යාවේ ඉතාමත් විශේෂිත මත්ස්‍ය විශේෂයක්.

ඇයි මේ සැකිල්ල විශේෂ වෙන්නේ?
මඩුවන් කියන්නේ “කාටිලේජමය මත්ස්‍යයන්” (Cartilaginous fish). ඔවුන්ට අපිට වගේ අස්ථිමය (Hard bone) සැකිල්ලක් නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ දේහය සෑදී ඇත්තේ ඔබේ කන් පෙත්ත සහ නාසය සෑදී ඇති ආකාරයේම මෘදු කාටිලේජ (Cartilage) වලිනුයි.

ප්‍රධාන කරුණ තමයි, සාමාන්‍යයෙන් මඩුවෙක් මිය ගිය පසු මේ කාටිලේජ කොටස් ඉතා ඉක්මනින් දිරාපත් වන නිසා ඔවුන්ගේ ඇට සැකිලි දැකගන්න ලැබෙන්නේ නැහැ. මේ පින්තූරයේ තියෙන්නේ ඉතාමත් පරිස්සමින් සංරක්ෂණය (Preserved) කරපු දුර්ලභ කාටිලේජ සැකිල්ලක්.

අවදානම:

මඩු සැකිල්ලේ වල්ගය දෙස හොඳින් බලන්න. එහි මැදට වෙන්නට තියෙන කටුව වැනි කොටස තමයි ඔවුන්ගේ විෂ සහිත ආයුධය. මඩු ප්‍රහාරයකට ලක්වීම ඉතාම භයානකයි. ප්‍රසිද්ධ “Crocodile Hunter” ස්ටීව් අර්වින් (Steve Irwin) පවා ජීවිතයෙන් සමුගත්තේ මඩු ප්‍රහාරයකට ලක්වීම නිසයි

Knowledge “දැනුම ”

What do you think?

Written by Mic

මේක චිත්‍රපටයක දර්ශනයක් වගේ පෙනුණත්, මෙය සම්පූර්ණයෙන්ම සැබෑ ඡායාරූපයක්!

පාරිසරික විද්‍යාව සහ තාක්ෂණය (ACSප්‍රකාශන, ජූලි 2024) හි,