පරම්පරා ගණනක විශ්වාසය තුළින් මුඛ සෞඛ්‍ය රැකදුන්  කරාබු නැටි යහගුණය සපිරි Clogard

1 min read

වර්තමානයේදී අපගේ පෞද්ගලික සනීපාරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ අන් කවරදාකටත් වඩා සිතා අවබෝධයෙන්  කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක අගය වැඩි වෙමින් පවතින නිසාවෙනි. මේ අතර මුඛ සෞඛ්‍ය සඳහා හිමි වන්නේ වඩාත් වැදගත් ස්ථානයක්. මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම ලෙඩ රෝග වලින් ආරක්‍ෂා වීමට වගේම,  මුහුණේ සුන්දරත්වය සහ ආකර්ෂණය මනාව පවත්වා ගැනීමට විශාල පිටුවහලක් වනවා. 

වත්මන් ජීවන රටාව හමුවේ, බාල, තරුණ, මහලු බේදයකින් තොරව, සියලුම වයස් කාණ්ඩයන්හි පිරිස් මුඛ රෝග වලින් පෙළෙන බව (නො) රහසක්. ඒ අතර බහුලවම දත් හා විදුරුමස් ආශ්‍රිත ඇති පැන නගින ගැටලු, දත් කුහර ඇතිවීම  හා දත් කැක්කුම, මුඛ දුර්ගන්ධ ප්‍රධාන ස්ථානයක් ගන්නවා. තවද, දත් අවපැහැ ගැනීම, මැළියම් බැඳීම , දත් හිරිවැටීම් , අකළට දත්  සෙලවීම වැනි දෑ නිසාත් අපේ එදිනෙදා කාර්යන් රැසක් අඩපණ වනවා. 

මේ සියලු මුඛ රෝග සඳහා අතීතයේ පටන් අද දක්වාම මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට උපයෝගී කරගන්නා ස්වභාවික ඖෂධ අතර ඉහළම උපයෝගීතාවයක් සහිත ඖෂධයක් ලෙස කරාබු නැටි ඉතා ප්‍රසිද්ධයි.  කරාබු නැටි කියන්නේ ආසියාව සහ දකුණු ඇමරිකාව නිජබිම කරගත් ඉතා වටිනා ඖෂධීය ගුණ රැසක් පවතින  ශාකයක්. මෙම කරාබු නැටි වල යහගුණය ගැන ඔබ අප නොදත් බොහෝ දේ තියනවා.  සම්ප්‍රදායික වගේම නූතන ශ්‍රී ලාංකීය මුළුතැන්ගෙයි නම් ආහාර පාන රසවත් කිරීමේ අමුද්‍රවයක් ලෙස කරාබුනැටි බෙහෙවින් යොදා ගන්නවා.  

ඒ අතර ඔබ දන්නවාද බොහෝ මුඛරෝග වලට ඉක්මන් සහනය ලබා දෙන ඖෂධයක් ලෙස ඈත අතීතයේ සිටම කරාබුනැටි ප්‍රචලිත බව ?  

විශේෂයෙන් මුඛයේ විෂබීජ අවම කර, මුඛ දුර්ගන්ධය ඉවත් කර, දත් කුහර වැළක්වීම තුළින් ඔබට ආකර්ෂණීය, සුදුවන් දත් පෙළක් ලබා දීමට මෙන්ම මුඛයේ ආසාධන වගේම වේදනාවලට ක්ෂණික සහනය ලබා දීමට කරාබුනැටි තෙල්වල පවතින ඉයුජිනොල් සංයෝගය උදව් උපකාරී වනවා.  

ඉයුජිනොල් සංයෝගය සහිත කරාබුනැටි යහගුණයෙන් පෝෂිත, අංක එකේ ලාංකේය දන්තාරක්ෂක  සන්නාමයක් වන Clogard, දත් කුහර වළක්වමින්, විෂබීජ වලට එරෙහිව ක්‍රියා කර, එනමලය ශක්තිමත් කරමින් ඔබට ශක්තිමත් දත් දෙපලක් ලබා දෙන බව සහතික කර කිව හැකිය.  

පරම්පරා ගණනක විශ්වාසය දිනූ Clogard කරාබු නැටි වගේම ෆ්ලෝරයිඩ් සංයෝගයෙන් අනුයුක්තයි.  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ  අංක එකේ දන්තාලේපය වන Clogard, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය විසින් අනුමත කර ඇති දන්තාලේපයක්. ලක්ෂ ගණනක පාරිභෝගික ජනතාවගේ විශ්වාසය සමඟින්, දිනෙන් දින වර්ධනය වන වෙළඳ පොළ කොටසක්ද සමඟින්, Clogard ජනතාවගේ ප්‍රියතම මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමේ නිෂ්පාදන සන්නාමය බවට අද වන විට පත්ව තිබෙනවා. 

ලාංකීය ඔබ අප සැමගේ යහපැවැත්ම ප්‍රමුඛ කොට සැළකීම අතීතයේ පටන් Clogard හි විශේෂත්වය වන අතර, ඔවුන්ගේ සියලුම නිෂ්පාදන, නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාතික ප්‍රමිතීන් ට අනුකූලව, අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව වන තුරුම ඉතා විධිමත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව සිදු වනවා.  

යහපත් මුඛ සෞඛයක් වගේම, සනීපාරක්ෂාව සපයන ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන Clogard, ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ  මුඛ සෞඛ්‍ය ඉහළ නංවාලීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන්  රැසක්ද ක්‍රියාත්මක කරයි. 

1992 වර්ෂයේ සිට දශක ගණනාවක් මුලුල්ලේ Clogard දන්තාලේපය ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනා ගත් විශිෂ්ට සන්නාමයක් වනවා.  මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම සඳහා Clogard දන්තාලේප පමණක් නොව, පහසු නිමාවෙන් යුත් දත් අතර රැඳුනු ආහාර නිසියාකාරව පිරිසිදු කිරීමේ හැකියාව ඇති DuPont Tynex bristles සහිත SLS  සහතික ලත් Clogard දත් බුරුසු, 99% විෂබීජ වලට එරෙහිව සටන් කළ හැකි Clogard  මවුත්වොෂ් ද උපකාරී වනවා. මෙම මුඛ සෞඛ්‍ය රැකදෙන නිෂ්පාදන පෙළ හරහා ඔබට ඉතා විශ්වාසයෙන් ජිවීතය ගත කිරීමට අවශ්‍ය ශක්තිය Clogard ලබා දෙනවා. 

සියලුම Clogard නිෂ්පාදන ඔබේ සුන්දර සිනහව තවත් ආකර්ෂණීය සිනහවක් බවට පත් කරමින් දවස පුරා ඔබව ප්‍රබෝධමත් කරයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.