in

ධාන්‍ය වේලන එක දැන් ඉස්සර වගේ අමාරු නෑ

හේලීස් ඇග්‍රිකල්ච (Hayleys Agriculture) වෙතින් නවීන ජපන් තාක්ෂණයෙන් යුත් Shizuoka ධාන්‍ය වියළීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ජපානයේ Shizuoka Seiki ආයතනය මගින් නිෂ්පාදිත නවතම Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි යන්ත්‍රෝපකරණ සැපයුම්කරුවා වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) පසුගියදා කටයුතු කරන ලදී.
අති නවීන ජපන් තාක්ෂණය සමඟින් එන Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වාදීම මගින්, මෙරට ධාන්‍ය සැකසුම් කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවයක්ව තිබූ ඉහළ කාර්යක්ෂමතාවක් සහිත, ලාබදායී යාන්ත්‍රික ධාන්‍ය වියළීමේ පහසුකම සපයමින්, මෙරට ධාන්‍ය සැකසුම් කර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීම හේලීස් ඇග්‍රිකල්ච සමාගමෙහි අරමුණයි.
දැනට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ සම්ප්‍රදායික ධාන්‍ය වියලීමේ ක්‍රම වන අතර එම ක්‍රම වල පවතින ගැටලු බොහොමයකට මෙම යන්ත්‍රය හරහා විසඳුම් ලබා දෙයි. Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රයෙහි අන්තර්ගත වැඩි දියුණු කළ යාන්ත්‍රික ධාන්‍ය හැසිරවීමේ පද්ධතියමගින් සම්ප්‍රදායික අව්වේ ධාන්‍ය වියළීමේදී (sun-drying) මෙන් නොව ඒකාකාරී ධාන්‍ය වියළීමක් කල හැකි අතර ධාන්‍ය වලට වන සිදු වන හානිද ඉතා අවම කරයි. යන්ත්‍රයෙහි අන්තර්ගත සුවිශේෂී විජලන මාපකය (moisture analyzer) මගින් ධාන්‍ය වල අන්තර්ගත ජල ප්‍රමාණය නියමිත මට්ටමේ පාලනය කල හැකිය , අව්වේ ධාන්‍ය වියළීමේදී මෙන් අධික වියළීමක් සිදු නොවන නිසා බීජ ලෙස ධාන්‍ය සැකසීමේදී බීජ පැළවීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනී. . මෙසේ Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රය මගින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ධාන්‍ය වියළාගත හැකි වන අතර වර්ෂා කාලයදී පවා කිසිදු බාදාවකින් තොරව ධාන්‍ය වියළා ගැනීමට හැකිවීම මෙහි ඇති විශාලතම වාසියකි. මීට අමතරව Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රයෙහි සංයුක්ත සැලසුම නිසා, එය සවි කිරීම, නඩත්තු කිරීම සහ ක්‍රියාත්මක කිරීම අතිශයින්ම පහසු කරයි.
හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශයෙහි අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී සුමිත් හේරත් මහතා Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ‘1950 දශකයේ සිටම ශ්‍රී ලාංකීය කෘෂිකාර්මාන්තය නගාසිටුවීමට මෙන්ම එහි තිරසාර පැවැත්ම වෙනුවෙන් අප නිරතුරුවම කැපවී සිටිනවා. Shizuoka සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරිත්වය අපගේ එම කැපවීමේ ප්‍රතිථලයක්. ඉදිරියටත් මෙරට කෘෂිකර්මික තාක්ෂණයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට අපි කැපවී සිටිනවා. එමෙන්ම වෙළඳපොළෙහි පවතින වෙනත් ධාන්‍ය වියළීමේ යන්ත්‍ර වලට වඩා නවීන තාක්ෂණයෙන් සහ පහසුකම් වලින් සපිරි Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍ර මිලදී ගැනීමේදී Shizuoka සමාගමේ නිෂ්පාදන වගකීම (manufacturer’s warranty) සමඟින් හේලීස් ඇග්‍රිකල්ච හි අසමසම අලෙවියට පෙර සහ පසු පාරිභෝගික සේවය ද ඔබට ලබා ගත හැකියි’.
Shizuoka Seiki යනු වසර 40 කට වැඩි කාලයක් පුරාවට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයෙහි සහ නවීන ධාන්‍ය සැකසුම් තාක්‍ෂණයන් ලෝක වෙළදපොළට හඳුන්වාදීමෙහි පුරෝගාමී සමාගමකි. හේලීස් ඇග්‍රිකල්ච හි මෙම නවතම හඳුන්වාදීමත් සමඟ ලොව නවීනතම තාක්ෂණික අත්දැකීම් සහ Shizuoka සන්නාමය ඇති විශ්වසනීයත්වය අත්විදීමට දැන් මෙරට කෘෂිකර්මාන්තයෙහි සහ ධාන්‍ය සැකසුම් කර්මාන්තයෙහි නියුතු ඔබටත් අවස්ථාව ලැබෙයි. මෙසේ වසර ගණනාවක් පුරාවට නවීන කෘෂි තාක්ෂණයන් සහ යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙමින්, දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට හේලීස් ඇග්‍රිකල්ච සමාගම ගන්නා උත්සහය බෙහෙවින් අගය කළ යුතුය.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

ඉතුරු කරන්න කැමති සැමට දැන් සුපිරි විසඳුමක්

7UP නවතම වෙලද දැන්වීම බැලුවද?