in

පියයුරු පිළිකා පිළිබද ඔබ දැනුවත් ද? – BREAST CANCER AWARENESS MONTH 2024

ඔක්තෝම්බර්  මාසය පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර ඇත.ඉතා සංවේදී මාතෘකාවක් වුව ද කතා කළ යුතුම මාතෘකාවක් බවට මෙය පත්ව ඇත.මේ ලිපියෙන් මෙම පියයුරු පිළිකා තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් කතා කරමු.

පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන් කාට ද?

වයස අවුරුදු 30 ට වඩා වැඩි අයට, අඩු වයසින් වැඩිවියට පත්ව වයසට ගොස් ආර්තවහරණයට පත්වන අය, වැඩි වයසකදී පළමු දරුවා ලැබෙන අය, දරුවන් ලැබී නොමැති අය, දිගුකාලයක් උපත් පාලන පෙති ලබාගත් අය සහ ආර්තවහරණයෙන් පසු හෝමෝන ප්‍රතිකාර ලබාගත් අයට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම ඉතා වැඩිය. එමෙන් ම පවුලේ ළඟම ඥාතීන් හට පියයුරු, ඩිම්බකෝශ, ගර්භාශයේ, බඩවැල් හා ගුදමාර්ගයේ පිළිකා ඇතිවී ඇති අයට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම ඉතා වැඩිය.

මීට අමතරව කාන්තාවන් ට පමණක් ම නොව පිරිමි අයට ද පිළිකා ඇතිවෙන්න පුළුවන්.දැනට සොයාගෙන තියෙන විදියට පිරිමි අයගේ පියයුරු වල ඇතිවන ගැටිති වලින් 99%ක් ම අනිවාර්‍යයෙන් ම පිළිකා වන නිසා පිරිමි ඔබගේ පියයුරු වල ගැටිති තිබේනම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

පියයුරු පිළිකා ලක්ෂණ

සාමාන්‍යයෙන් පියයුරුවල ප්‍රමාණයේ යම් වෙනසක් සාමාන්‍යයෙන් දකින්නට පුලුවන්.නමුත් මෑතකදී ඇතිවුන හැඩයේ හෝ සමමිතියේ වෙනසක් සැකයට හේතුවක් විය යුතුමයි.ඒ වගේම පියයුරේ ඇති ගැටිත්තක්,දිර්ඝ කාලීනව පවතින වේදනාවක්, පියයුර ආශ්‍රිත සමේ පැහැයේ ,ස්වභාවයේ වෙනසක් හෝ තුවාලයක්, තනපුඩුවේ හැඩයේ වෙනසක්, තනපුඩුවෙන් යම් ශ්‍රාවයන් නිකුත් වීමක්, කිහිලි ආශ්‍රිතව ගැටිති ඇතිවීමක් මෙහි රෝග ලක්ෂණ ලෙස දැත්විය හැකිය.

මේ තත්ත්වයෙන් මිදීමට නම්, ඔබ අනිවාර්යෙන්ම

  • ඔබේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩිනම් එය අවධානම් තත්ත්වයකි.එනිසා නිසිපරිදී බර පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.
  • ක්‍රියාශීලී නොමැති බවද අවධානම් තත්ත්වයක් ඇති කරයි.එනිසා සතියට එකපාරක් හෝ ව්‍යායාම්වල නිරත විය යුතුය.
  • ඔබ දිනපතා සමබර ආහාර වේල් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
  • අවම පැය 6කවත් දිගු නින්දක් ලබා ගත යුතුය.
  • ඒ කෙසේවෙතත් ඔබට පියයුරු වල කල් පවතින කැක්කුමක් , ගැටිත්තක්, කැක්කුමක් සමඟ ගැටිත්තක්, තණපුඩුවෙන් අසාමාන්‍ය ස්‍රාවයක් වෑස්සීම, පියයුරු වටා ඇති සමේ වෙනසක්, පියයුරක් ප්‍රමාණයෙන් විශාල වීමක්, වැනි වෙනදා නොවූ කිසියම් අසාමාන්‍යතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
  • ඒ වගේ ම නිතර ඔබගේ පියයුරු තමන් ම පරීක්ෂා කරගත යුතුය.

මෙකී කරුණු පිළිබඳ අවධානය යොමු කර පිළිකා තත්ත්වය පැතිරීමට පෙර මුලු කාලීනවම රෝග ලක්ෂණ හඳුනා ගෙන මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට කටයුතු කරමු.

හොඳින් මතන තබා ගත යුතුයි – අවදානමට පෙර සූදානම  

What do you think?

ලංකාවේ තියෙන වෙලඳ සංකිර්න

ළමා දරිද්‍රතාව පිටුදකිමු..