අද අපි කතා කරමු තමන්ගේ වටිනාකම වැඩි කරගන්නේ කොහොමද කියලා…
මම මේකට කරුණු පහක් කියලා දෙන්නම්.සමාජයීය ජීවියෙක් විදිහට සමාජයෙක් ගනුදෙනු කරද්දී තමන්ට වටිනම පුද්ගලයා තමන් වියය යුතුමයි.අපි දැන් බලමු ඒ වටිනාකම ගොඩනගා ගන්නේ කොහොමද කියලා.
01.ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්න.
මම හිතන විදිහට තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් මූලිකම ක්‍රමය තමයි තමන් වෙනුවෙන් ආයෝජනය කරන එක.තමන්ගේ ඉදිරිය ගැන හිතන්න හැමතිස්සෙම පුරුදු වන්න.ඒ වෙනුවෙන් ආයෝජනය කරන්න.
02.ආයාචනා කිරීම නවත්වන්න.
මේකෙදි විවිධ පැතිකඩ තියෙන්න පුළුවන්.අපිත් එක්ක රැඳෙන්න කියලා අපි කෙනෙකුට නිතරම අයාචනා කරන්න පුළුවන්.මට මේ දේ ඕනේ මට මේ දේ ඕනේ කියලා අපි කෙනෙක්ට ආයාචනා කරන්න පුළුවන්.මේ ආයාචනා කිරීම් සම්පූර්ණයෙන්ම නවත්තන්න.කැමතිනම් කෙනෙක් ඔබ සමග රැඳෙයි.කිසිම කෙනෙකුට තමන්ට සමග රැඳෙන්න කියලා ආයාචනා කිරීම් බල කිරීම නවත්වන්න.තමන්ට වටිනාකමක් දෙන්න.අපි දිගින් දිගට ආයාචනා කිරීම හරහා සිද්ධ වෙන්නේ අපේ වටිනාකම බාල්දු වෙන එක පමණයි.
03.කාලේ කා දමන දේවලින් ඈත් වන්න.
අපි දවසට පැය කීයක් නම් නිකරුනේ ගත කරනවද..අපරාදේ මම මේ දේ කරේ කියලා ඒ කාලෙ ගැන කොච්චර නම් පසුතැවෙනවද?නැවත සිතා බලන විට පසුතැවීමක් ඇතිවන විදිහේ ක්‍රියාවන්ගෙන් ඈත් වන්න.සරලවම කිව්වොත් කාලෙ කා දමන මොන දේවල් වලින් ඈත් වන්න.
04.දැනුම එකතු කරගන්න.
තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි දැනුම එකතු කරගන්න එක.අපි දකිනවා සමහර වැඩිහිටියන් පවා ඔවුන්ගේ වයස නොතකා ඉගෙන ගන්නවා.ඒක දකින සමහරු ඔවුන්ට හිනා වෙන්න පුළුවන්.වයසට ගිහිල්ලවත් නිදහසේ ඉන්නෙ නෑ කියන්න පුළුවන්.හැබැයි මම දකින විදිහට තමන්ට වටිනාකම දෙන්න පුළුවන් හොඳම ආයුධය තමයි දැනුම කියන්නේ.අපි ඉගෙන ගන්න දෙයක් කවදාවත්ම අපිට යන්නේ නැහැ.ඒ නිසා මොන බාධක කම්කටලු ආවත් දැනුම එකතු කරගන්න අමතක කරන්න එපා.ඒක පොතේ දැනුම විතරක්ම නෙමෙයි සමාජය තැනම වෙන්නත් පුළුවන්.සමාජයෙන් මිනිසුන්ගෙන් ලබන දැනුම එක අතකට පොතේ දැන් මට වඩාවිශාලයි.
05.අවශ්‍ය දේ පමණක් කතා කරන්න.
සමහර වෙලාවට අපිට හිතෙනවා අපරාදේ මට ඒ දේ නොකියා ඉන්න තිබුනේ කියලා.සන්නිවේදනය කියලා කියන්නේ මහා බලගතු ආයුධයක්.අපි කතා කරනවා වචනයක් පාසා අපේ වටිනාකම තීරණය වෙනවා.ඒ නිසා නිතරම තැනට අවශ්‍ය දේ පමණක් කතා කරන්න පුරුදු වෙන්න.ඒකෙදි අපි පාවිච්චි කරන වචන විතරක් නෙමෙයි අපේ body language එක වුනත් බලපාන්න පුළුවන්.
ඉතින් ඔයා මේ දේවල් කරලා ඔයාට වටිනාකමක් ඇති කරගන්න.එකපාරටම තමන්ම වෙනස් කරගන්න බැරි වුණත් ඔයා ටික ටික වෙනස් වෙන්න.මතක තියාගන්න….මේ ලෝකෙ වටිනමම පුද්ගලයා ඔයා.ඒ නිසා අමතක නොකර ඔයාට ඔයා වටිනාකමක් දෙන්න.