in

ලොකු පොඩි කවුරුත් ආස තේරවිලි

  1. පීනන්න බැරි මාලු
    • ආනමලු
  2. කකුල් හතරක් ඇත.එහෙත් ගමනක් නැත.
    • පුටුව
  3. අනුන් පාවිච්චි කරන තමන්ට අයිති දෙයක්
    • නම
  4. මල්ලක දාගෙන යා හැකි රට
    • බුරුමය
  5. පියා සලයි.ඉහළ නොයයි.දුක හිතුනොත් මෙයා අඩයි.
    • ඇස
  6. ලේ කිව්වට රතුත් නැතේ.නා කිව්වට දළුත් නැතේ.
    • ලේනා
  7. උඩිනුත් ගින්දර.යටිනුත් ගින්දර.මැද්දේ සවුන්දර.කන්නේ පාන්දර
    • ආප්ප
  8. කොණ්ඩේ තියෙන මිනිහා ළඟත්,කොණ්ඩේ නැති මිනිහා ළඟත් තිබිය යුතු පනාව
    • කල්පනාව
  9. කටු නැති කැලේ ඇට නැති සතා
    • උකුණා
  10. ගියොත් ආයෙත් නොයෙයි.
    • වයස
  11. පළතුරකි.ලෙඩක නමකි.අකුරු තුනකි.
    • පැපොල
  12. නෙත් දොළහයි මුහුණ වටයි.අත් දෙකකුත් මුහුණෙ නටයි.
    • ඔරලෝසුව
  13. කෑවොත් පළතුරක්.කැපුවොත් අනතුරක්.
    • බෙලි
  14. අතු අඟ පිපෙන ලිය
    • අරලිය
  15. මල් සුවඳයි ගෙඩි තිත්තයි.නොතේරුවොත් ටොකු විස්සයි.
    • කරවිල
  16. ටොකු ඇන ඇන නාවනවා.
    • කොණ්ඩ කැවුම්
  17. කපන්න කපන්න දික්වෙනවා.
    • කාණුව
  18. බුදු අම්බෝ බඩ දනවෝ.පාවඩ පිට මම යනවෝ.
    • ස්ත්‍රික්කය
  19. දියේ වැලයි.වැලේ මලයි.
    • කුප්පි ලාම්පුව
  20. පොල්තෙල් හැර කෑමක් නැත – දත් ඇති මුත් කටක් ද නැත…පන්සලට නම් යන්නෙම නැත- ගෙදර නම් වරදින්නෙම නැත
    • පනාව

What do you think?

තමන්ට වටිනාකමක් ගොඩනගා ගන්නේ කොහොමද?