in

නත්තල් කාලෙට කොයි කවුරුත් ආස කරන…චොක්ලට් ච්ප්ස් කුකීස්…

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිට් කප් 2 1/2 ක්

චොක්ලට් චිප්ස් කප් 1ක්

සුදු සීනි කප් 3/4

දුඹුරු සීනි කප් 3/4

බටර් හෝ ඇස්ට්‍රා කප් 1ක්

බිත්තර 2

වැනිලා තේ හැන්දක්

බේකින් සෝඩා තේ හැන්දක්

සාදන ක්‍රමය :

මුලින්ම අවන් එක සෙල්සියස් අංශක 180ට Pre Heat කර ගන්න. බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර්ස් දමා සූදානම් කර පසෙකින් තබන්න.

තරමක් ලොකු බෝල් එකකට බටර් සහ සීනි දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයටම බිත්තර සහ වැනිලා එක් කර නැවතත් මිශ්‍ර කරන්න .

මීළඟට පිටි සහ බේකින් සෝඩා දමන්න. හොඳින් මිශ්‍ර කරන්න. මේ වේලාවේදී මිශ්‍රණය තරමක් තද ගතියක් ගන්න නිසා අතින් හෝ ලී පත්තක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරන්න පුළුවන්…

දැන් මෙයට චොකලට් චිප්ස් ටික එකතුකර තරමක් තද කුකී dough එකක් සාදාගන්න.

අයිස් ක්‍රීම් ස්කූප් එකක් හෝ හැන්දක් ආධාරයෙන් කුඩා කුකී ඩෝ එක බැගින් ගෙන, තරමක් ඉඩ සහිතව බේකින් ට්‍රේ එකෙන් තබන්න.

Pre Heat කරගත් අවන් එකේ රන්වන් පැහැ වන තෙක් (විනාඩි 10-12ක්) කුකීස් ටික බේක් කරන්න.

හොඳින් බේක් වූ කුකීස් ට්‍රේ එකෙන් පරිස්සමෙන් ඉවත් කර නිවෙන්නට තියන්න.

නත්තලට ගෙදරට එන හැමෝටම රස විඳින්න දෙන්න පුලුවන්, ලොකු පොඩ්ඩෝ හැමෝම ආස රසම රස කෑමක් එක්ක නත්තල් සිරිය විඳින්න……..

What do you think?

ලොකු පොඩි කවුරුත් ආස තේරවිලි

තරුණ පෙනුමක් ලබාදෙන මැජික් එක….