in

බෞද්ධ දර්ශනය ලොව ඇති උතුම්ම දර්ශණයයි…..!!

බුදුරජාණන් වහන්සේ දේශනා කරේ “එළියෙන් සෙවිය යුතු කිසිවක් නැහැ, ඔබ ම ඔබේ ආලෝකය වන්න..”
අදහස, සත්‍යය පිළිබඳ සෙවීමේ මඟ ඇදහිලි මත නොව, විමසුම හා දැනීම මත ගමන් කිරීම යි.. නමුත් අද බොහෝ දෙනා සත්‍යයෙහි මාර්ගය සෙවීමට නොව, හිතහදාගන්න., ප්‍රාර්ථනා වලට, ඉල්ලීම වලට , දුකට, භීතියට බෙහෙත් සෙවීමක් වශයෙන් බුද්ධාගම අවභාවිතා කරති.
සදාචාරය රැකීම, පරිසරය අපවිත්‍ර නොකිරීම, අනෙකාට උපද්‍රවයක් නොවන සේ හැසිරීම, සහ විකල්ප අදහස් පිළිගන්නා විවෘත මනසක් හදාගන්න. . බුද්ධාගම ජීවමාන වන්නේ නම්, එය සිතුවිලි වලින්, හැසිරීම් වලින්, සහ සජීවී ප්‍රායෝගිකත්වයෙන් පමණි….
නුවරට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනගහනයත් සමඟ, නුවර ඉතා දැඩි ලෙස අපවිත්‍ර වී ඇත

එමෙන්ම සිරි දළදා වන්දනාව 2025 මේ වන විට පාලනයෙන් ගිලිහී ඇත. මාලිගාව පරිශ්‍රය තුල යම් තරමකට කළමනාකරණය කර ගැනීමට හැකි උවත් ඉන් පිටත තත්වය ඉතා සෝචනීය වේ. එමෙන්ම සංවිධායක මණ්ඩලයට දෙවන සැලැස්මක් නොමැතිවීම මෙය මේසේ වීමට බලපෑ ඇත. කේසේ නමුත් අදින් පසු සිරි දළදා වන්දනාව කේසේ සිදුවේදැයි කිසිවෙකුට අනුමාන කල නොහැක.
ඉදිරි දිනයන්හි ඔබ කවුරුහෝ දළදා වන්දනාවේ පැමිණීමට අපේක්ෂාවෙන් සිටී නම්, ඒ පිළිබඳව දෙවරක් නොව තෙවරක් සිතා බැලිය යුතුය. නැතහොත් ඔබට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවිය හැකිය.
පෝලිම් තුල අතින් පයින්, කුඩ, ගමන් මලු වලිම් ගුටිබැට් හුවමාරු කර ගන්නා තත්වයට අද පැමිණ ඇත.
වැසිකිළි-කැසිකිළි තමන් සිටින ස්ථන වලදීම කිරීමට හෝ බැග් වලට සිදුකර අවට හෝ වැවට විසිකීරීමට තරම් පත්වී ඇත. පෝලිමේ යනවිට පය පැටලී වැටුනහොත් පාගාගෙන යමට හා පෝලිම් වල නිදා සිටින අය පාගාගෙන ඉදිරියට යාමට තරම් කෘර වී ඇත.
.
පෝලිම් තල්ලු කිරීම නිසා තෙරපීමෙන් බොහෝ දෙනෙක් රෝගී වීම නිසා සෞඛ්‍ය සේවාවන්ගේ ධාරිතාවට ඉක්මවා යමින් ඇත. හදිසි රෝගීන් රෝහල් ගත කිරීමට ගිලන් රථ වලට ගමන් කිරීමට පවා මාර්ග අවහිර වී ඇත.
ඓතිහාසික සෙංකඩගල පුර දළදා මැදුරේ සිට බොහෝ දේ සඳහන් කිරීමට ඇතත් මේ අවස්ථාව නොවේ. අන්ධ භක්තිකයන් මෙසේ හැසිරෙමින් උතුම් දළදා වහන්සේ වන්දනා කිරීමෙන් ඇති ඵලය කුමක්දැයි විමසිය යුතුය.
මෙසේ අන්ධ ශ්‍රද්ධාවන්තයින් විසින් අපවිත්‍ර කරමින් පවතින සුන්දර නගරය මහනුවර, යලි යතාතත්වයට පත්වීමට මාස ගනනාවක් ගතවනු ඇත.
රටක් දියුණු වෙන්න නම් මුලින්ම ඒ රටේ මිනිස්සු ආකල්පමය වශයෙන් දියුණු වෙන්න ඕනි.
තමන් කාපු බීපුවාගෙ ඉතුරුවා තැන තැන නොදා තමන්ම අරන් යන්න ඕනියි, කුණු බක්කියක් හොයල ඒකටම දාන්න ඕනියි කියන ප්‍රාථමික ශිෂ්ට ගතියවත් නැති මිනිස්සු බහුතරයක් ඉන්න රටක් අවුරුදු දහයෙන් පහලොවෙන් දියුණු වෙයි කියල ඔයාල හිතනවද ? කවදාවත්ම නැහැ.
අනික් එවුන් දානවනෙ ඕන්න ඔහේ අපිත් දාමුනෙ කියල කම්මැලිකමට මහමග අපද්‍රව්‍ය දාන්න එපා.
මින් ඉදිරියටවත් පරිසරය විනාශ වෙන එක වලක්වගමු.

What do you think?

Written by Mic

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද