අම්මයි තාත්තයි ආදරයෙන් ඉන්න විට දරුවන්ට ආදරයේ මූලික අඩිතාලම නිර්මාණය කරනවා..ඒ නිසා දරුවන් ඉස්සරහා දෙමාපියන් ආදරයෙන් කතා කරන එක ආදරයෙන් ඉන්න එක ගැන දෙවරක් හිතන්න එපා..(කිසිම වෙලාවක දරුවන් ඉස්සරහා කෑගහන්න එක්කෙනෙක් තව එක්කෙනෙක් පහත් කරන්න එපා..මොකද දරුවන් තුලත් එවිට ඝෘණාත්මක හැගීමක් දෙමාපියන් ගැන ඇති වෙනවා)
නිතරම දරුවන් එක්ක අම්මා වුන ඔබ තාත්තගේ හොද සහ තාත්තා වුන ඔබ අම්මගේ හොද කියන්න..තාත්තා මහන්සි වන බවත් ,අම්මා ඔබ වෙනුවෙන් මහන්සි වෙන බවත් කියන්න..
(ඒ වගේම තමයි දරුවෝ එක්ක තාත්තගේ වැරදි හෝ අම්මගේ වැරදි කියන්න එපා..එහෙම වුනොත් දරුවන් අනිවාර්‍යෙන්ම හිතින් අම්මා,තාත්තා ප්‍රතික්ශේප කරනවා..

ආදරනීය දරුවන් බිහි කරන්න අවශ්‍ය වන්නේ ආදර්ශය පමණයි..අවවාදය කියන්නේ නිකන්ම නිකන් වචන ටිකක් පමණයි..
ඔබ ආදරය කරන්න..ඔබ දෙදෙනා ආදරයෙන් ඉන්න..අතීතයේ කුණු හාර අවුස්සන්නේ නැතිව ආදරයෙන් ඉන්න..ලස්සන දරු පරපුරක් ඉබේම නිර්මාණය වේවි..
