in

මොසලෝනස් ගේ සොහොන් ගෙය (Mausoleum at Halicarnassus)

ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම සොහොන්ගෙය, Artemisia රැජිණ විසින් තම සැමියා  වු  Mausolus  රජු ක්‍රි.පූ  353 දී මිය ගිය පසු Halicarnassus (වර්තමාන තුර්කියේ Bodrum නම් ප්‍රදේශය) හීදී    ඉදි කරන ලදී. 

Halicarnassus හා ඒ අවට ප්‍රදේශය  Mausolus රජු හා Artemisia රැජිණ  විසින් වසර 24ක් පාලනය කර ඇත.

Mausolus රජු විවාහ කරගෙන සිටි Artemisia රැජිණ ඔහුගේ සහෝදරියයි. එකල තම සහෝදරිය විවාහ කරගැ නීම රජපවුල්වල සම්ප්‍රධායක් වී තිබුණි. ක්‍රි.පූ 353 දී තම සැමියා මිය  ගිය පසු බලවත් කම්පාවට පත් Artemisia රැජිණ ලෝකයේ වඩාත් චමත්කාරජනක සොහොන් ගෙය නිර්මාණය කිරීම වෙනුවෙන්  අතිදක්ෂ ග්‍රීක චිත්‍ර ශිල්පීන් කුලියට ගන්නා ලදී.

Mausoleum at Halicarnassus යන නාමය Mausolus නමෙන් මුලාරම්භයක් ලෙස ගෙන මෙම සොහොන් ගැබට නම් තබන ලදී.

ප්‍රකට ග්‍රීක චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු වූ Pytheos හා Satyros සොහොන් ගෙයි හැඩය නිර්මාණය කර ඇති බව සදහන් වේ. ග්‍රීක, Lycian හා ඊජිප්තු ඇතුළුව විවිධ සංස්කෘතික කලාකරුවන්  සොහොන් ගෙය නිර්මාණයට දායක විය.
Mausolus රජු මියගොස් අවුරුදු දෙකකින්, Artemisia රැජිණ ද මරණයට පත් විය. සොහොන් ගැබ  නිමකිරීමට පෙර ඇය මරණයට පත්වී තිබුණි.

කෙසේ හෝ වැඩ නිම කරන විට  මෙම සොහොන්ගේය  අඩි 147 ක් උස වූ අතර සම්පුර්ණ Halicarnassus ප්‍රදේශයම පෙනෙන ලෙස එය කඳු ඉස්මත්තේ පිහිටා ඇත.

කිරිගරුඬ වලින්  මෙම  සොහොන් ගැබම නිර්මාණය කර ඇති අතර සොහොන් ගැබට නැගීමට කළුගලින් සෑදු සිංහයන් ඇති පඩිපෙළක් ද සාදා ඇත. සොහොන් ගැබෙහි බිත්ති මත යුධකාමී ස්ත්‍රීන්ගේ  හා රණශුරයන්ගේ සිතුවම්ද දක්නට ලැබේ.

මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රි.පූ 334 දී මෙම නගරය යටත් කර ගත්තත් මෙම සොහොන් ගැබට කිසිඳු හානියක් වුයේ නැත. ක්‍රි.පූ 58 දී හා 62 දී මුහුදු කොල්ලකරුවන් විසින් නැවතත් මෙම ප්‍රදේශයට පහර දුන්නත් සොහොන් ගැබ ආරක්ෂාවී තිබුණි. නමුත් 13 වන සියවසේ ඇතිවූ භුමිකම්පාවකින් මෙම සොහොන් ගැබ බොහෝ දුරට විනාශයට පත් වූ බව සදහන් වේ.

13 වන සියවසේ දී කුරුස යුද්ධ භටයන් මෙම  නගරය අල්ලා ගන්නා ලද අතර  ඔවුන් තම ගොඩනැගිලි ඉදි කිරීමට මෙම සොහොන් ගෙ කොටස් යොදා ගත් බව පැවසේ. 

ක්‍රි.ව 1401 වන විට සොහොන් ගෙහි ඉතිරි වී තිබුනේ පදනම පමණකි .

පුරාවිද්‍යාඥ චාර්ල්ස් නිව්ටන් විසින් ක්‍රි.ව 1800 දී Artemisia රැජිණ ගේ  හා Mausolus රජු ගේ ප්‍රතිමාවන් සමග  කොටස්  කීපයක් සොයා ගන්නා ලදී. දැන් මේවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇතැයි සඳහන් වේ.

පුරාතන ලෝකයේ පුදුම ලැයිස්තුව සැකසුවා යයි සැලකෙන  Sidon හි ඇන්ටිපේටර් විසින් මෙම දැවැන්ත නිර්මාණයේ තිබු විශ්මිත බව නිසා ඉපැරණි ලෝක පුදුම අතරට මෙය ඇතුලත් කල බව සදහන් වේ.

උපුටා ගැනීම: Nawa lowa Danuma

What do you think?

Written by Mic

ඊළඟ පාර Coffee බොන්න ගියා ම  මේ කෝපිත් තොල ගාලා බලන්න.

ආගන්තුක ආක්‍රමණශීල ශාක හඳුනාගනිමු – කලපු අන්දර (Prosopisjuliflora)