සුව නින්දක් කියලා කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්.
මොකද හොද නින්දකින් පසුව එළැඹෙන දවස ඉතාම හොදින් ගත කරන්න පුලුවන්. ඒ සදහා අවශ්‍ය ශක්තිය ලබා ගන්න අපිට පුලුවන් නිසා.
ඒ නිසාම රෑට ඉතා ඉක්මනින් නින්දට යන එක කාටත් හොදයි. මොකද ඔබට මීළග දිනය හොදින් අර්ථාන්විතව ගත කරන්න හැකියාව තියෙන නිසා.
ඔයත් සුව නින්දක් ලබා ගන්න පහත දේවල් අත්හදා බලන්න.
- නින්දට පෙර දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපාංගවලින් ඉවත්වන්න. මොකද එමගින් ඔබේ නින්ද තවත් ප්‍රමාදයට පත්කිරීමට ඇති ඉඩ වැඩියි.
- නින්දට පෙර පොතක් කියවන්න. එමගින් ඔබේ නින්ද වේගවත් වෙයි.
- ඔබේ ඇද ඇතිරිලි සහ කොට්ට උර නිතරම පිරිසිදු කරන්න කලෝන්ග් වර්ගයක් නින්දට පෙර ඔබේ ඇදුම් සහ කොට්ට උරයට යොදන්න. එමගින් ඔබට ඉක්මනින් නින්ද ලබාදීමට හැකි පරිසරයක් සැකසෙයි.
- කෝපි සහ තේ වගේ පාන වර්ග නින්දට පෙර පානය කිරීමෙන් වළකින්න. එවැනි පාන ඔබේ නින්ද අඩු කිරීමට පෙළඹවෙයි.
- සෑමවිටම සැහැල්ලු ආහාරයක් රාත්‍රිය සදහා තෝරාගන්න.
උපුටා ගැනීම: Puwath.lk


