in

චීනයේ දුම්රිය මැදිරි පුස්තකාලයක් ඇරඹෙයි

චීනයේ ගුවාන්ෂු නගරයේ දුම්රිය කෞතුකාගාරයේ (Guangzhou Railway Museum) පැරණි දුම්රිය මැදිරියක් පුස්තකාලයක් බවට පත් කර තිබේ. මෙය චීනයේ පළමු වන දුම්රිය මැදිරි පුස්තකාලයයි.

මෙහි විශේෂත්වය වන්නේ දුම්රිය මැදිරියේ තිබූ පැරණි ආසන, සිවිලිමේ විදුලි පංකා සහ බඩු තබන රාක්ක වැනි දේ ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර තිබීමයි. පොත් රාක්ක සහ ස්වයංක්‍රීය සේවා යන්ත්‍ර වැනි පුස්තකාලයකට අවශ්‍ය පහසුකම්ද එහි සපයා තිබේ.

මෙම දුම්රිය මැදිරිය චීනයේ දෙවැනි පරම්පරාවේ ප්‍රධාන දුම්රිය මගී ප්‍රවාහන මැදිරියක් වන Type 22 වර්ගයට අයත් ය. 1994 වසරේදී මෙම දුම්රිය නිෂ්පාදනය කිරීම නතර කර තිබේ.

මෙම පුස්තකාලයේ සාහිත්‍යය, ඉතිහාසය, චරිතාපදාන, විද්‍යාව වැනි විවිධ පොත් වර්ග මෙන්ම දුම්රිය සංස්කෘතිය, ජනප්‍රිය විද්‍යාව සහ කාර්මික සංවර්ධනය සම්බන්ධ පොත් රාශියක් ඇතුළත් වේ.

උපුටා ගැනීම : විජය

What do you think?

Written by Mic

පෝෂ්‍ය පදාර්ථයන් රැසක් සහිත කුකුළු බිත්තර

බුකර් සම්මා­නය හංගේ­රි­යානු ලේඛ­ක­ය­කුට