in

දෙනෙතට සුව ගෙනෙන අයි ක්‍රීම්

මුහුණේ ආලේප කරන සාමාන්‍ය ක්‍රීම් වර්ග දෙනෙත් වටා අලේප කිරීම සුදුසු වන්නේ නැහැ.එයට හේතු වන්නේ දෙනෙත් වටා සම ඉතා මෘදු වීමයි. සමහර ෆේස් ක්‍රීම් වල ඒවා දෙනෙත් යට සමෙහි ආලේප නොකර ලෙසත් උපදෙස් ලබා දෙනවා. දෙනෙත් යට ඇති මෘදු සමට ගැලපෙන්නට තමයි අයි ක්‍රීම් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අද අපි බලමු අයි ක්‍රීම් ආලේප කිරීමෙන් හිමි වන වාසි ගැන.

දෙනෙත් වටා පිහිටා ඇති අඳුරු කව මකා දමයි 

අයි ක්‍රීම් ආලේප කර නින්දට යාමෙන් දෙනෙත් යට ඇති වන අඳුරු කව ඉවත් කර ගන්න පුළුවන්. ඇසට යටින් පිහිටා ඇති සම තුනී බවින් වැඩියි නම් එය අඳුරු වීමේ වැඩි ඉඩක් තියෙනවා. අයි ක්‍රීම් මේ තුනී බව පාලනය කර අඳුරු පෙනුමද මකා දමනවා.

සිහින් රේඛා සහ රැලි අඩු කිරීම 

වයසට යාමේ පළමු ලකුණ වන්නේ දෙනෙත් වටා සිහින් රේඛා සහ රැලි ඇති වීමයි. අයි ක්‍රීම් ඇස වටා ඇති සම සජලනය කර රේඛා සහ රැලි අඩු කිරීමට පියවර ගන්නවා. (අයි ක්‍රීම් මෙම සියුම් රේඛා සම්පූර්ණයෙන්ම තුරන් කරන්නේ නැත. අඩු කරනවා පමණි). සමට තෙතමනය ලබා දීමට අමතරව දෙනෙත් වටා සමට දීප්තිමත් බවක් එකතු කර දෙනවා.

ආරක්ෂක තට්ටුවක් ලෙස ක්‍රියා කරනවා 

සම අභ්‍යන්තරයේ ඇති දේ බාහිර හානි වලින් ආරක්ෂා කරන්නේ සමයි. ඉතින් ඇස වටා සම දුර්වල වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ එම ආරක්ෂා මට්ටම පහල බසින බවයි. අයි ක්‍රීම් දිනපතා ආලේප කිරීම මඟින් සම නැවත ශක්තිමත් වී, ආරක්ෂා මට්ටම වර්ධනය වේ.

ඉලක්කගත සජලනය

ඔබේ මුහුණේ සම තෙල් සහිත සමක් විය හැකියි. මුහුණේ නළල, කම්මුල් වැනි ස්ථාන වල තෙල් ස්වභාවය ඉහල මට්ටමක පවතිනවා විය හැකියි. නමුත් දෙනෙත් වටා සම වියලි වීමට වැඩි ඉඩක් පවතිනවා. මුහුණ තෙල් සහිත සමකින් යුක්ත වූ පමණින් දෙනෙත් වටා සම නිරෝගී යැයි කිව නොහැකියි. විවිධ හේතු නිසා බොහෝ දෙනෙකුගේ දෙනෙත් වටා සම දුර්වල සහ වියලි බවට හැරෙනවා. මේ නිසා ඔබේ දෙනෙත් වටා ඇති සම වෙනම ඉලක්ක කල යුතුය. සාමාන්‍ය තෙල් සහිත ක්‍රීම් එකකින් එය කල නොහැකියි. අයි ක්‍රීම් ආලේප කිරීමෙන් ඔබේ දෙනෙත් වටා ඇති සම විශේෂයෙන් ඉලක්කගත සජලනයකට බඳුන් කල හැකිය.

දෙනෙත් වටා සම සුවපත් කිරීම 

අක්ෂි ක්‍රීම් වල අඩංගු වන සුව කිරීමේ ගුණ සහිත ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන, හයුලූරොනික් අම්ලයේ ප්‍රතිඵලයක් ලෙස සම සුවපත් වෙනවා. ඇස් වටා ඉදිමීම අඩු වීම, දැවිල්ල අඩු කිරීම, කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම මේ මඟින් සිදු කරනවා. මීට අමතරව විටමින් E , විටමින් C වැනි ගුණ ඔබගේ දෙනෙත් වටා සම දීප්තිමත් කරවනවා.

උපුටා ගැනීම : wellnessexpert

What do you think?

Written by Mic

කොලෙස්ටරෝල් වලින් කලින්ම ගැලවෙන්න.

දෙපතුලේ සෞඛ්‍ය තත්වය රැකගන්නේ මෙහෙමයි