ඔයාට මොහොතකට හරි හිතිලා තියනවද අපේ ජීවිතේ ගොඩක් දේවල් සංගීතයත් එක්ක බැඳිලා කියලා. උදේ නැඟිටිනකොටම අපිට ඇහෙන්නේ පුංචි කුරුලු පැටවුන්ගේ කිචි බිචිය. අම්මා තේ එක හදන සද්දේ, කේතලේ රත් වෙනකොට ඇහෙන සූ හඬ අපිට හරිම හුරුපුරුදුයි. ගෙදර ඉන්නකොට ගෙදර සංගීතය අහන එක කොච්චර හොඳයිද කියලා කවදහරි ඔයාට හිතිලා තියනවද?
ගෙදරදී නිතරම සංගීතයට සවන් දුන්නොත් මොකද වෙන්නේ?
ඔයාගේ mood එක fix!
ඔයාගේ දවස කොහොම එකක් වුනත් ගෙදර ඇවිල්ලා calm music අහනකොට stress ටික ටික අඩු වෙනවා. සැර mood, දුක mood, මහන්සි mood මේ ඕන mood එකක් fix කරන්න music වලට පුළුවන්.
වෙහෙසක් නැතුව වැඩ කරන්න මැජික් එකක්!
කෑම උයද්දි, ගෙදර අස් කරද්දී music එකක් play වුණාම ඒ වැඩේ ගොඩක් ලේසියෙන් වගේම සතුටින් කරගෙන යන්න පුළුවන් වෙනවා. කාමරේ අස් කරද්දී ඔයා ආසම සින්දුව play කරලා බලන්නකෝ පොඩි නැටුමක් එක්කම කාමරේ අස්වෙන හැටි බලන්න පුළුවන්.
පවුලේ හැමෝම එකම තාලෙකට…
ගෙදර හැමෝම එකට ඉන්නකොට සින්දුවක් කියලා සතුටින් ඉන්නවනම් ඒක කොච්චර නම් වටිනවද. ඒක පවුලට එකමුතුකම තවත් වැඩි කරනවා. ඔයාලගෙ ගෙදර චූටි බබාලා ඉන්නවනම් එයාලට ගැළපෙන සින්දු අම්මටයි තාත්තටයි දෙන්නම එකතු වෙලා එයාලට කියලා දෙන්න පුළුවන්. ඉස්සර කාලේ චූටිම චූටි බබාලා ඉන්න ගෙවල්වල නැළවිලි ගීත වරදින්නෙ නෑ. ඈතින් නැළවිලි ඇහෙනකොටම ඒ ගෙදර චූටි බබෙක් ඉන්නවා කියනෙක හැමෝම දන්නවා. හැමෝම ඒ ඇහෙන ගීත රසවිඳිනවා.
ඔයාව Creative වෙනවා
Music ඔයාව වෙනස් කෙනෙක් කරනවා ඔයාට ලස්සනට හිතන්න පුරුදු කරනවා. මුල් ළමාවියේ ඉන්න බබාලගේ බුද්ධිමය හැකියා වර්ධනය කරන්නත් මේ දේවල් බලපානවා. පෙර පාසල් කාලේ ගොඩක්ම සින්දු කියලා දුන්නේ ඇයි කියලා දැන් ඔයාට තේරෙනවනේ…
ගෙදර ඉදන් සංගීතය අහන්න කලින් හිතන්න ඕන දේවල් ටිකක් තියනවා,
මේ ඒකට සුදුසු වෙලාවද?
සංගීතය කොච්චර සුන්දර දෙයක් වුනත් ඒක හරි විදිහට පාවිච්චි කරේ නැත්නම් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. හිතන්නකෝ ගෙදර කවුරු හරි අසනීපෙන් ඉන්න වෙලාවක්නම් ඒ වෙලාවට ඒක එයාට කරදරයක් වෙන්න ඉඩ තියනවා. ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.
අසල්වැසියන්ට කරදරයක් වෙන්නත් බෑ
ගොඩක් සද්දෙට සින්දු දාලා තිබ්බොත් ඒක ඔයාලගේ ගෙදර අවට ඉන්න අනිත අයටත් කරදරයක් වෙනවා. අනිත් අයට කරදරයක් නොවෙන්න සංගීතය රසවිඳින්න අපි වගබලා ගන්න ඕන.
එකිනෙකා කැමති දේවල් වෙනස්
එක ගෙදර අය වුණත් එයලා කැමති වෙනස් විදිහේ ගීතවලට සංගීතයට වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේ ගැනත් සැලකිලිමත් වීම වැදගත්.
මෙන්න එහෙනම් ගෙදරදී music හරි විදිහට අහන්න Tips ටිකක්
- උදේම හරිම calm music එකකින් දවස පටන් ගන්න ඔයාට පුළුවන්. ආහාර ගන්න වෙලාවට වගේම පවුලේ හැමෝම එකතුවෙලා සතුටින් කාලය ගත කරන වෙලාවට ඒ මොහොත තවත් ලස්සන කරන්න සංගීතයට පුළුවන්.
- ඔයා ටිකක් high energy විදිහට music අහන්න කැමතිනම් ඒක ඔයා ව්‍යායාම කරන හෝ නැටුමක් නටන වෙලාවට අහන්න.
- අනිත් අයට කරදරයක් නොවෙන්න ඔයා කැමති විදිහට සින්දු අහන්න නම් ඔයාට පුළුවන් Headset වගේ දෙයක් පාවිච්චි කරන්න.
- ගෙදර අහන සින්දු ලිස්ට් එකට හැමෝගෙම කැමැත්ත එකතු කරන්නත් අමතක කරන්නෙපා.
හැමෝම සැනසීම හොයන ඔයාගේ ගෙදර ඇතුලේ සතුට තවත් පුරෝගන්න, ගතවෙන හැම මොහොතක්ම සතුටින් පීඩනයක් නැතුව සැහැල්ලුවෙන් ගත කරන්න සංගීතය එකතු කරගන්න.
උපුටා ගැනීම: wellnessexpert


