උදේට දවල්ට රජෙක් වගේ කාලා, රෑට හිඟන්නෙක් වගේ කන්න කියලා කතාවක් ඔබ අහලා තියෙනවාද? ඒකට හේතුව තමයි රාත්රියේදී ඔබේ සිරුර නොවෙහෙසීම. ඉතින් රාත්‍රියේ ආහාර වැඩිපුර ලබා ගත්තොත් ඔබ ඉක්මණින් තරබාරු විය හැකියි. විවිධ සෞඛ්‍ය ගැටළු ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මේ ආහාර වර්ග නම් ඔබට අගුණයක් ඇති කරන්නේ නැහැ.
බිත්තර වලින් සැකසු ආහාර
බිත්තර කියලා කියන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු ප්‍රෝටීන් ප්‍රභවයක්. මේවායින් සැකසිය හැකි ආහාර වර්ග රැසක් තියෙනවා. බිත්තර ආහාරයට ගැනීමෙන් ඔබේ කුස ඉක්මණින් පිරෙනවා. අවම තෙල් ප්‍රමාණයක් යොදා ගනිමින් සාදන ලද ඔම්ලට්, තැම්බූ බිත්තර ඔබට කිසිම බයක් නැතුව ඔබේ රාත්‍රී ආහාරයට එකතු කර ගත හැකියි.
චීස් සහ මිදි
කුඩා චීස් කැබැල්ලක කැලරි 100 ක් පමණ අඩංගු වේ. මේවා tryptophan, protein සහ caseinවලින් පොහොසත්ය. චීස් වැඩි තෘප්තියක් ලබා දෙන අතර නින්දට පෙර ලබා ගැනීම ඉතා සුදුසුය. මිදි වල melatonin බහුල නිසා චීස් සමඟ ආහාරයට ගැනීමට ගැලපේ. මේ සංයෝගය ඔබට සුවදායි රාත්‍රී නින්දක් ලබා දෙන්නටද සමත් වෙනවා.
කළුකුම් මස්
මෙය ප්‍රෝටීන් සහ tryptophan බහුල මස් වර්ගයකි. කුකුළු මස් වෙනුවට ආහාරයට ගත හැකි හොඳ ආදේශකයකි. පහසුවෙන් ජීර්ණය වන නිසා රාත්‍රියට ඉතා සුදුසුය.
තැම්බූ එළවලු
මේවායේ තන්තු බහුල වශයෙන් පවතින නිසා ඔබේ කුස පිරී යයි. නමුත් මේවා ඔබේ සිරුරේ තරබාරු වීම කෙරෙහි බල නොපායි. රාතියේදී තැම්බූ එළවලු සලාදයක් හෝ එළවලු සුප් එකක් ලබා ගැනීම සෞඛ්‍යයට ඉතා හිතකරය.
තම්බා ගත් ඉරිඟු
රාත්‍රියට තැම්බූ ඉරිඟු ඉතා සුදුසුයි. හැබැයි ටින් කල ඉරිඟු රාත්රියේදී ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. ඔබ ඉරිඟු තම්බන විට පමණට වඩා බටර්, තෙල් හෝ ලුණු එකතු කිරීමෙන් වැලකි සිටිය යුතුයි.
මාළු
සිරුරට ඉතා වැදගත් වන ඔමේගා -3 මේද අම්ල මාළු වල අඩංගු වෙනවා. මාළු වල ඇති ප්‍රෝටීන් පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙනවා.
ටෝෆු
ටෝෆු කියන්නේ සෝයා කිරි වලින් සාදා ගන්නා චීස් වර්ගයක් කියලා හඳුන්වන්න පුළුවන්. ටෝෆු වල කැල්සියම්, ප්‍රෝටීන් අඩංගුයි. ඒ වගේම මස් වලට සාපේක්ෂව මේදය අඩු වීමත් වාසියක්.
නිවුඩ්ඩ සහිත ධාන්‍ය වලින් සකසන ලද පාන්
සාමාන්‍ය පාන් පිටි වලින් හදපු පාන් නම් රාත්‍රී ආහාරය සඳහා ගැලපෙන්නේ නැහැ. හැබැයි නිවුඩ්ඩ සහිත ධාන්‍ය වලින් සකසන ලද පාන් රාත්‍රී ආහාරය සඳහා සුදුසුයි.
බතල
බතල විටමින් සහ ඛනිජ ලවණවලින් පිරී ඇති අල වර්ගයක්. වෙනත් අල වර්ග වලට සාපේක්ෂව බතල රාත්‍රී ආහාරය සඳහා ගොඩක් සුදුසුයි.
උපුටා ගැනීම: wellnessexpert


