in

දරුවාට ගුණ අපිරි ආහාර වේලක්

දරුවෙකුගේ උදෑසන ආහාරය 

ගොඩක් දරුවෝ වෙලාවක් නැහැ කියලා උදේ ආහාරය ගැනීමෙන් වැලකි සිටිනවා. මෙය අයහපත් පුරුද්දක්. උදෑසන ආහාරය ගොඩක් වැදගත්. දවස පුරාවට දරුවාගේ ශරීරයට සහ මනසට ශක්තිය දෙන්න උදෑසන ආහාරය උදව් වෙනවා. වෙලාව නැහැ කියන එක නිදහසට කරුණක් නෙවේ. උදේට බත් කන්න බැහැ කියන ඔබේ දරුවට මේ රසවත් ආහාර සකස් කරලා දෙන්න. මේවා ඉක්මනින්ම සකස් කර ගන්න පුළුවන් වගේම ඉක්මනින්ම ආහාරයට ගන්නත් පුළුවන්.

  • උණු කිරි එක් කල ඕට්ස් වැනි ධාන්‍යයක්. මෙයටම වියළි පලතුරු එකතු කරන්න. ඕට්ස් වෙනුවට යෙදිය හැකි තවත් ගුණවත් ධාන්‍ය වර්ග තිබෙනවා.
  • ඕට්ස් සමඟ මිශ්‍ර කල කජු, ආමන්ඩ් ඇට සහ රට කජු 
  • යෝගට් එකක් සමඟ කැබලි වලට කැපු පළතුරක් 
  • චීස්, මස් යෙදූ සැන්ඩ්විච් එකක් 

දරුවෙකුගේ දවල් සහ ආහාරය 

ඔබේ දරුවන්ට වේල් තුනම නිවැරදි වෙලාවට කන්න පුරුදු කරවන්න. පාඩම් කිරීම සඳහා වෙහෙසෙන දරුවෙක් නිවැරදි ආහාර රටාවකට පුරුදු වී සිටීම ඉතාමත් වැදගත්. නිවැරදි වෙලාව පසු නොකර ආහාර ගැනීම දරුවාගේ රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගන්නා අතර අධික ලෙස කුසගිනි දැනීම වලක්වයි. නිවැරදි ආහාර රටාවකට පුරුදු වීමෙන්, දරුවන්ට පිටතදී බඩගිනි දැනුනු විට ඔවුන් සෞඛ්‍ය සම්පන්න නොවන ක්ෂණික ආහාර ලබා ගැනීමෙන් වළක්වයි. 

දරුවෙකු පිටතදී ලබා ගත යුතු ආහාර 

දරුවා පිටතට යන විට බඩගිනි දැනුනොත් ආහාරයට ගැනීම පිණිස මේ දේවල් දරුවාගේ බෑගයේ තැම්පත් කරන්න 

  • කජු
  • රට කජු 
  • නැවුම් හෝ වියළි පලතුරු 
  • කපා වියලා ගත් එළවළු 
  • චීස් 
  • පළතුරු යුෂ
  • යෝගට් 

දරුවෙකුගේ ජල පරිභෝජනය   

දරුවා නිවසේ සිටියදී නියමිත් ජාල ප්‍රමාණය පානය කරන්නට දරුවාට පුරුදු කරවන්න. නිවසින් පිටතදීත් ජලය පානය කරන මෙන් ඔබේ දරුවාට උගන්වන්න. ජලය පානය කිරීමෙන් ශරීරය වියළීමේ අවදානම අඩු වෙනවා. මේ වෙනුවෙන් නිතරම දරුවාගේ බෑගයේ ජලය පිරවූ බෝතලයක් තැම්පත් කර තබන්න.

දරුවෙකු රාත්‍රියේදී පාඩම් කරන විට 

රාත්‍රියේ අවදි වී පාඩම් කරන දරුවෙකුට බඩගිනි දැනීම සාමාන්‍යයි. හැබැයි බඩගිනියි කියලා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ලබා ගත්තොත් එය හානිකරයි. විශේෂයෙන්ම ළමා දියවැඩියාව ප්‍රචලිත මේ වගේ කාලයක පාඩම් කරන අවස්ථාවන්හිදී ආහාරයට ගැනීමට රස කැවිලි ලබා දීම අවදානම් සහගතය.

උදා: කුඩා ජුජුබ්ස් පැකට් එකක සීනි තේ හැඳි 55කට අධික ප්‍රමාණයක් අඩංගුය 

ඔබේ දරුවා රාත්‍රියේ පාඩම් කරන විට ඔබට ලබා දිය හැකි ආහාර 

  • නැවුම් පලතුරු 
  • චීස් 
  • පොප්කෝන් 
  • යෝගට්
  • නැවුම් එළකිරි  
  • චොකලට් කිරි
  • ධාන්‍ය වර්ග 
  • සීනි රහිත චොකලට්       

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

රෑට කෑවට අගුණයක් නැති කෑම බීම

ගුණ සපිරි බෙලි