රෝගී සමට
ඇක්නි ඇතුලු වෙනත් සමේ ආසාදන නිසා පීඩා විඳින අයට නම් බෙලි ඉතා කදිමයි. නිතර බෙලි ආහරයට ගැනීමෙන් හෝ යුශ පානය කිරීමෙන් සම පැහැපත් වෙනවා. බෙලි කියන්නේ සිසිල්කාරක ආහාරයක්. මේ නිසා සමේ ගැටලු රැසක් මඟ හරවා ගන්න බෙලි උදව් වෙනවා.
ආහාර ජීර්ණ පද්ධතිය සුවපත් කිරීම
බෙලි ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු රැසක් සුව වෙනවා. මල බද්ධය ගැටලුවට මෙය හොඳ විසඳුමකි. මල බද්ධය ස්ථීර වශයෙන් සුව වේ. කොලරාව, අතීසාරය වැනි රෝගී තත්වයන්ටත් බෙලි හොඳ බෙහෙතකි. බෙලි වල ටැනින් සහ ෆීනෝලික සංඝටක අඩංගුය. බෙලි වලට ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිඳු කරන්නට සමත් වේ. ආහාර ජීර්ණ පද්ධතියේ, ගුද මාර්ගයේ ඇති තුවාල සුව කිරීමට බෙලි සමත් වේ. බෙලි පානයක් ලෙස සකසා පානය කල විට එහි යුශ ආමාශ බිත්තියෙහි රැඳී පරිවාරක ස්ථරයක් ලෙස ක්‍රියා කරයි. එමඟින් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති තුවාල සුව වේ.
රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වර්ධනය වීම
නීරක්තියෙන් පෙලෙන අයටත් බෙලි ඉතා ප්‍රයෝජනවත්. මීට අමතරව තුවාල වූ පුදගලයන්ට අහිමි වූ රුදිරය නැවත වඩවා ගැනීමටත් බෙලි උපකාරී වෙනවා. ගැබිණි මව්වරුන් සඳහාත් ඉතා කදිමයි.
විදුරුමස් දියවීමේ රෝගය සඳහා යොදා ගැනේ
බෙලි වල විටමින් සී යහමින් අඩංගු වේ. වීදුරු මස් දියවීමේ රෝගය හට ගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ සිරුරේ විටමින් සී ප්‍රමාණය හිඟ වීමයි. සිරුරේ විටමින් සී ප්‍රමාණය හිඟ වූ විට විදුරුමස් වල ඇති රුධිර නාලිකා දුර්වල වේ.
කොලෙස්ටරෝල් මට්ටම පාලනය
බෙලි ගසේ පත්‍ර කොටා යුශ ගෙන පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගන්න පුලුවන්.
රුධිරගත සීනි ප්‍රමාණය අඩු කර ගැනීමට
බෙලි පත්‍රයේ යුශ ගෙන පානය කිරීමෙන් රුධිරගත සීනි ප්‍රමාණය අඩු කර ගන්නත් පුලුවන්. බෙලි යුශ හිස් බඩ බීමෙන් ඉහල ගුණයක් ලබා ගත හැකියි.
පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීමට
පිළිකා සෛල විනාශ කිරීමට බෙලි වල ඇති ප්‍රතිඔක්සිකාරක සමත් වෙනවා. නිතර බෙලි ආහරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.
වෛරස හා දිලීර රෝග සුවපත් කරයි
බෙලි වල අඩංගු බැක්ටීරියනාශක ගුණ සිරුරේ රෝග රැසක් සුව කරලීමට දායක වේ. බෙලි පත්‍ර වලද මෙම ගුණය යහමින් අඩංගු වේ.
ප්‍රධාන ආහාරයේ ඇති පෝශක ගුණ හොඳින් උරා ගැනීම
ප්‍රධාන ආහාර වේලකින් පසුව බෙලි ගෙඩියක් ආහරයට ගැනීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්යයක්ෂම වෙනවා. ආහාර ජීර්ණය කිරීමට අවශ්‍ය ආමාශයික හා ආන්ත්‍රික යුෂ සාර්ථකව ස්‍රාවය වෙනවා.
උපුටා ගැනීම: Wellnessexpert

