ගල්තැලුම් බහුලව ඇති වන්නේ යටි පතුලේයි. සම මතුපිට කොටසක් එකවර ඝන වීම ගල්තැලුමක් ලෙස හදුන්වනවා. ගල්තැලුම් වේදනාකාරී වෙන්නත්, වේදනාකාරී නොවෙන්නත් ඉඩ තිබෙනවා. එය වේදනාකාරී නම් ඇවිදීමේ අපහසුතාවයක් මතුවෙනවා. වේදනාකාරී නොවන ගල්තැලුම් ඇති වන්නේ සම මතුපිට පමණයි. වේදනාකාරී ගල්තැලුම් සම අභ්‍යන්තරයට විහිදී යනවා.
ගල්තැලූම් ඇතිවන්නේ සමේ කෙරටීන් ඝන වීම නිසයි. ගල්තැලුම් ඇති වීමට හේතු කිහිපයක්ම බලපානවා. ඔබ දිගු වේලාවක් එකතැන සිටින සිටගෙන සිටින පුද්ගලයෙක් නම්, පාවහන් භාවිතා නොකර ඇවිදිනවා නම්, නොගැලපෙන ආහාර රටාවක් අනුගමනය කරනවා නම් ගල්තැලුම් ඇතිවිය හැකියි. පාවහන් නොමැතිව ඇවිදීමේදී කකුලේ ගල්, බොරළු, කටු ආදිය ඇණීම නිසා මෙය හටගන්නවා. සිරුරේ බර වැඩිවීම නිසා ද ගල්තැලුම් ඇතිවිය හැකියි. ඒ සිරුරේ බර දෙපයට දරාගත නොහැකි වන නිසාය.
ඒ වගේම ඔබ භාවිතා කරන පාවහන් වල ස්වභාවය අනුවද ගල්තැලූම් ඇතිවිය හැකියි. පාවහන් වල මතුපිට රළු වැඩියි නම් පහසුවෙන්ම ගල්තැලුම් ඇති වෙනවා. රලු අඩියක් ඇති පාවහන් වලට අමතරව අඩි උස පාවහන් පැලඳීමෙන්ද මෙම තත්ත්වය ඇතිවිය හැකිය
කල් පැන ගිය ගල්තැලුම් ඉවත් කිරීම සඳහා කුඩා ශල්‍යකර්මයක් කිරීමට සිදු වෙනවා. බොහෝ විට සිදු කරන්නේ ඝන වූ කොටස කපා ඉවත් කිරීමෙනි. හෙළ වෛද්‍ය ක්රමයේ අග්නිකර්ම ප්රතිකර්මය මේ සඳහා යොදා ගන්නවා. මෙහිදී සිදු කරන්නේ එම ස්ථානය රත් කිරීමකට ලක් කිරීමයි. උණුසුම ඇති වීමේදී ගල්තැලුම ක්‍රම ක්‍රමයෙන් බැස යනවා.
ගල්තැලුම් අල්ලේද ඇති වන්න පුළුවන්. අධික ලෙස වෙහෙස වී වැඩ කරන අයගේ දෑතේ ගල් තැලුම් ඇති වෙන්න පුළුවන්.
මේ සඳහා නිවසේදීම කල හැකි ප්‍රතිකර්ම
- ගස්ලබු මද කැබලි වලට කපා පොල් කිරි දමා තම්බා ගන්න. එය අඹරා ගල්තැලුම් ඇති ස්ථානයේ තවරා රෙදි කඩකින් ඔතා ගන්න. පසු දින පිරිසිඳු කරන්න.
- පුළුන් කැබැල්ලක් ගෙන විනාකිරි වල පොඟවා ගන්මනා. එය ගල්තැලුම් ඇති ස්ථානයේ තබා රෙදි කඩකින් බඳින්න.
- තිරුවානා ගලක් ගෙන පුළුස්සා ගන්න. එය කුඩු කර ගිතෙල් මිශ්‍ර කර හොඳින් අනා ගන්න. මෙම මිශ්‍රණය ගල්තැලුම මත ආලේප කරන්න.
- කැබැල්ල ගසක මුල් සහ පොල් පලා ගසක මුල් ගෙන එයට ගා ගත් පොල් එකතු කරන්න. ඒවා ලිපතබා මලවා ගන්න. ඉන්පසුව ගල්තැලුම ඇති ස්ථානයේ බැඳගන්න.
- අංකෙන්ද කොළ කොටා ගෙන යුෂ ලබාගන්න. එයට දෙහි යුෂ එකතු කර ගල්තැලුම ඇති ස්ථානයේ ආලේප කරන්න.
ගල්තැලුම් වලක්වා ගැනීමට පාවහන් පැළඳීම, මෘදු මතුපිටක් සහිත පාවහන් තෝරා ගැනීම, බර වැඩ කිරීමේදී අත්වැසුම් පැළඳීම, සිරුරේ නියමිත බර පවත්වා ගැනීම, උෂ්ණාධික ආහාර වලින් වැලකීම වැනි දේ අනුගමනය කල යුතුය.
උපුටා ගැනීම : Wellnessexpert


