අජිනමොටෝ කියන්නේ ආහාර රසකාරකයක්. මේ විශේෂ රසය හඳුන්වන්නේ උමාමි රසය කියලයි. ව්‍යංජනයකට අජිනමොටෝ එකතු කළ විට එහි රසය තවදුරටත් ඉස්මතු වෙන බව අපි හැමෝම දන්නවා. අවන්හල්වලින් මිලදී ගන්නා ආහාර බොහෝමයක අජිනමොටෝ අඩංගුයි. අජිනමොටෝ කියලා කියන්නේ මොනොසෝඩියම් ග්ලූටමේට් හෙවත් MSG වලටයි.
මේවායේ රස ලුණු රසයට තරමක් දුරට සමාන වෙනවා. මෙය නිර්මාණය වී ඇත්තේ ලුණුවල ඇති සෝඩියම් ලවණයට, ක්ලෝරයිඩ් ලවණයක් වෙනුවට ග්ලූටමේට් එකතු වීමෙනි.
මෙම උමාමි රසය සේවරි රසය ලෙසත් හඳුන්වන්න පුළුවන්. මෙම මූල ද්‍රව්‍යය තක්කාලි, සෝයා සෝස්, සැමන්, කිරි, බිම් මල්, මස්, චීස් වැනි ආහාරවල ස්වභාවිකවම අන්තර්ගත වෙලා තියෙනවා.
මෙම රසයෙහි ඇති විශේෂත්වය වන්නේ මේවා ආහාරයට ගැනීමෙන් පසුව ඇබ්බැහි වීමයි. වෙනත් අයුරකින් පැවසුවහොත් මෙම රසය ඇබ්බැහි වෙන සුලු වේ.
මේවා මුලින්ම නිර්මාණය කර ඇත්තේ මුහුදු පැළෑටි භාවිතා කරලයි. කරන ලද පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ ස්වභාවික ආහාර වල තිබෙන මෙම රසය සිරුරට විෂ වන්නේ නැති බවයි.
නමුත් කෘතිම අජිනමොටෝ භාවිතා කිරීමෙන් සිරුරට අහිතකර අතුරු ප්‍රතිපල ඇති වෙන්න ඉඩ තියෙනවා. අජිනමොටෝ භාවිතය නිසා දියවැඩියා අවදානම ඉහළ යාම, ස්නායු සෛල අධික ලෙස උත්තේජනය වීම, තරබාරු බව වර්ධනය වීම, අනවශ්‍ය ලෙස දහදිය දැමීම, මොළයේ ක්‍රියාකාරීත්වයට හානි සිදු වීම, අක්මාවේ සෞඛ්‍ය තත්වය පහළ දැමීම ආදී ප්‍රතිඵල ඇති වන බව සාමාන්‍ය පිලිගැනීමයි.
MSG අන්තර්ගත ආහාර නිතර නිතර පරිභෝජනය හේතුවෙන් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය වැඩිවේ.එවිට ඉන්සියුලින් ශ්‍රාවය වැඩිවේ.මේ නිසා රුධිරයේ සීනි මට්ටම පහත වැටේ. මේ තත්වය නිසා නිතර බඩගිනි දැනේ. මෙය අධික තරබාරුවට හේතුවේ.
හැබැයි මෑතකදී කැලිෆෝනියාවේ සිදුකරන ලද පර්යේෂණයකට පසුව, ඒ සම්බන්ධව කටයුතු කළ ආහාර හා පෝෂණ විද්‍යාඥයෙක් වන ස්ටීව් විදර්ලි හෙළිකර ඇත්තේ අජිනමොටෝ නිසා පවසන තරම් අහිතකර බලපෑම් නොවන බවයි.
ඔහුට අනුව අජිනමොටෝ වලින් ඇති වන බලපෑම සිදු වන්නේ හිස්බඩ එය ආහාරයට ගත් විටයි. හිස්බඩ අජිනමොටෝ ආහාරයට ගැනීමෙන් ඔක්කාරය, වමනය වැනි ප්‍රතිඵල ඇතිවිය හැකියි.
කෙසේවෙතත් අජිනමොටෝ වෙනුවට ස්වභාවික තක්කාලි, සෝයා වලින් සකසා ගත් සෝස් ආදිය භාවිතා කර ඔබේ ආහාර සකසා ගත හැකියි. ඒවායිනුත් සිදුවන්නේ ආහාර වල රසය ඉස්මතු කරවීමයි.
හැබැයි තක්කාලි රසකාරකයක් ලෙස භාවිතා කිරීමේ දී හාල්මැස්සන්, කරවල ආදී ව්‍යංජන සකසා ලීමට භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. ඒවායේ ඇති කැල්සියම් සමග තක්කාලි ප්‍රතික්‍රියා කිරීමෙන් වකුගඩු ආසාදන ඇතිවිය හැකියි.
උපුටා ගැනීම: Wellnessexpert


