in

දරුවාගේ උගුරේ යමක් සිර වූ විට කළ හැකි දේ.

තම දරුවාගේ යහපත් පැවැත්ම සියළුම දෙමව්පියන්ගේ ඒකායන අපේක්ෂාවයි. කුඩා දරුවෙකුට රෝගයක් වැළඳීම හෝ හදිසි අනතුරකට භාජනය වීම දෙමව්පියන් උමතු කරවන මට්ටමේ ගැටළුවක් බවට පත්ව තිබේ. ලෙඩ රෝග සෑදීමේදී ඒවායින් මිදීම සඳහා විවිධ වෛද්‍ය ක්‍රම සහ ඖෂධ ඇතත්, හදිසි අනතුරුවලට භාජනය වීමේදී ඒවායින් මිදීම ඉතාමත් ගැටළු සහගතයි. කුඩා දරුවන් නිරන්තයෙන් හදිසි අනතුරුවලට භාජනය වීම සිදුවනවා. මෙම ලිපියෙන් කතා බහ කෙරෙන්නේ ඔබගේ දරුවාගේ උගුරෙහි යමක් සිරවුවහොත් ඔබ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි.

ඔබගේ දරුවාගේ උගුරෙහි යමක් සිරවුවහොත් එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි තත්ත්වයකි. බොහොමයක් අවස්ථාවලදී මව්පියන් හෝ වැඩිහිටියන් අනවශ්‍ය ලෙස කලබලයට පත් වී ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා එම තත්ත්වය දරුණු අතට හැරීම දක්නට ලැබේ. එම නිසා ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. එවැනි අවස්ථාවකදී අනවශ්‍ය ලෙස කලබලයට පත්වී කරන අනුවණකම් නිසා ඔබගේ දරුවාට සිදුවන හානිය දරුණු වන බව සැමවිටම සිතේ තබාගන්න.

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවී ඇති බව වටහා ගන්නේ කෙසේ ද ?

  • අමාරුවෙන් හුස්ම ගැනීම හෝ හතිය, ඇදුම වැනි ශබ්දයක් ඇසීම.
  • කතා කිරීමට, ඇඬීමට හෝ ශබ්දයක් පිට කිරීමට නොහැකි වීම.
  • මුහුණ නිල් පැහැවීමට පටන් ගැනීම.
  • උගුර අල්ලා ගැනීම හෝ කලබලයෙන් දෑත් වැනීම.
  • බිය වූ ස්වභාවයක් ගැනීම.
  • සිහිසුන් වීම.
  • කහින්නට නොහැකි වීම.

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කළ යුතුද ?

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලකට රැගෙන යාමට කටයුතු කරන්න. නිවසේ වෙනත් අයෙකු සිටී නම් වහාම එසේ කිරීමට කටයුතු සූදානම් කරන්නැයි පවසන්න. ඔබ හයිම්ලික් ක්‍රමවේදය කිරීමට පුහුණු වූ අයෙක් නම් වහාම එම ක්‍රමවේදය සිදුකරන්න. මෙය උදරය තෙරපීම නමින්ද හැඳින්වේ. මෙම ක්‍රමවේදය වැරදි ආකාරයකට කළහොත් ඔබේ දරුවා තවත් අපහසුතාවට පත්විය හැකියි. එම නිසා වෛද්‍යවරයෙකුගේ හෝ ප්‍රථමාධාර පුහුණුකරුවෙකුගේ අධීක්ෂණය යටතේ හයිම්ලික් ක්‍රමවේදය නිවැරදිව පුහුණුවීම ඉතාම වැදගත් බව සිහි තබා ගත යුතුයි.

මීට අමතරව දරුවන්ගේ උගුරේ සිරවීමට ඉඩ ඇති ආහාර ලබාදීමෙන් වළකින්න. සැමවිටම දරුවාට මුවේ දමා ගත හැකි කුඩා, අනතුරුදායක දේවල් දරුවාගේ ග්‍රහණයෙන් ඉවත් කරන්න.

උපුටා ගැනීම : wellness expert

What do you think?

Written by Mic

දිනපතා කුරුඳු මිශ්‍ර ජලය පානය කරන්න.

ප්ලාස්ටික් භාවිතය නුසුදුසු ඇයි ?