in

ගුරුත්වාකර්ෂණය අමතක කරපු ලෝකයේ පුදුම හිතෙන සත්වයා!

පෙනෙන මානයේ මරණය තියාගෙන මුන් මෙහෙම නගින්නේ ඇයි?

අඩි සිය ගණනක් උස, ලිස්සන සුළු, කෙළින්ම තියෙන මහා පර්වතයක් දැක්කම අපිට හිතෙන්නේ එතනින් වැටුණොත් ඉවරයි කියලා. හැබැයි මේ කියන්න යන සතාට නම් ඒක නිකම්ම සෙල්ලමක් විතරයි. “Unknown Diary” අද ඔබට හෙළි කරන්නේ සොබාදහමේ තවත් එක් පුදුම නිර්මාණයක් වන, මාරක ප්‍රපාත ජයගන්නා “Alpine Ibex” ගැනයි! 🕵️‍♂️🏔️

📍 1. කවුද මේ අපූරු සත්වයා?

මොවුන් ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන්නේ යුරෝපයේ ඇල්ප්ස් (Alps) කඳු පන්තියේ. මුහුදු මට්ටමේ සිට අඩි 15,000ක් පමණ උස, හිමෙන් වැසුණු කඳු මුදුන්වල තමයි මුන්ගේ නිවහන තියෙන්නේ. පෙනුමෙන් එළුවෙක් වගේ වුණාට, මාරක බෑවුම්වල ඇවිදින්න මුන්ට තියෙන්නේ අමුතුම හැකියාවක්.

📍 2. ගුරුත්වාකර්ෂණයට අභියෝග කරන රහස කුමක්ද? 🦶

සමහරු හිතන්නේ මුන්ගේ කකුල්වලට “මැග්නට්” (Magnets) තියෙනවා කියලා. ඒත් ඇත්තම රහස තියෙන්නේ උන්ගේ කුර (Hooves) වලයි.

• උන්ගේ කුර මැද රබර් වගේ ඉතාමත් මෘදු කොටසක් තියෙනවා. මේක හරියට සුපිරි ග්‍රහණයක් (Grip) තියෙන පාවහනක් වගේ.

• ගලක තියෙන කුඩාම නෙරුමක වුණත් ඇලී සිටීමට මේ කුර නිසා මුන්ට පුළුවන්.

📍 3. මරණය අතේ තියාගෙන වේලි බිත්ති නගින්නේ ඇයි? 🧱

ඉතාලියේ ‘Cingino Dam’ වැනි ඉතාමත් උස වේලි බිත්ති දිගේ මුන් අංශක 90ට නගින දර්ශන ලෝකයම පුදුම කළා. මුන් එහෙම නගින්නේ සෙල්ලමට නෙවෙයි; ඒ ගල් බිත්තිවල තැන්පත් වෙලා තියෙන ලුණු සහ ඛනිජ වර්ග (Minerals) ලෙවකන්නයි. තමන්ගේ සිරුරේ වර්ධනයට අවශ්‍ය මේ පෝෂණය ලබාගන්න මුන් ඕනෑම මාරක අවදානමක් ගන්නවා.

📍 4. හතුරන්ට අල්ලන්න බැරි දක්ෂයෝ! 🐆

වෘකයන් සහ හිම දිවියන් වැනි සතුන්ගෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ වගේ බෑවුම්වලට යන එක. දඩයක්කාරයෝ ප්‍රපාතය දිහා බලලා බයේ ආපහු හැරෙද්දී, මේ එළුවෝ ඉතාමත් සැහැල්ලුවෙන් ඒ බෑවුම් තරණය කරනවා.

සොබාදහමේ මේ වගේ දේවල් දැක්කම අපිට හිතෙන්නේ “නොහැකියි” කියලා දෙයක් මේ ලෝකයේ නැහැ කියලයි. මරණය පෙනි පෙනී මේ වගේ ගමනක් යන්න ඔබට ධෛර්යයක් තියෙනවාද? 🏔️🐐

උපුටා ගැනීම : Unknown diary ෆේස්බුක් පිටුව

What do you think?

Written by Mic

“නිරයේ දොරටුව”: තුර්ක්මෙනිස්තානයේ දාර්වසා ගෑස් ආවාටය!

පිරමිඩ වලටත් වඩා පැරණි ගස!