in

අතේ ඇඟිලි නවනකොට ලොක් වෙනවාද ?

ඔය තත්වයට සාමාන්‍යය වහරේ කියන්නේ trigger finger කියල. නිවැරැදි වයිද්‍යවිද්‍යාත්මක හැඳින්වීම තමා Flexor tenosynovitis.

🔶 අපිට අතේ ඇඟිලි හොඳට නවන්න කරන්න පුලුවන් වෙන්න ඇඟිලි වලට එන tendon (ඛන්ඩරා) ඒව වට කරගෙන ඉන්න පුලි හරහා නිදහසේ ගමන් කරන්න පුලුවන් හින්දා

🔶 Trigger finger තත්වයේදී වෙන්නෙ ඔය පුලි හරහා tendon එකට නිදහසේ ගමන් කරන්න බැරි වීම

🔶 මේක වෙන්නේ ඇඟිල්ලේ MCP ලෙස හැඳින්වෙන හන්ඳිය උඩින් tendon එක යන තැනදි.

🔶 ලෙඩේ මුල අවස්ථාවේදි එන්නෙ එම ස්ථානයේ සුලු කැක්කුමක් හෝ ඉඳහිට කැක්කුම් රහිත ලොක් වීමක් විතරයි.

🔶 පසු කාලීනව කැක්කුම ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙලා දරාගන්න බැරි තරමට කැක්කුම එනවා

🔶 ඊට අමතරව ලොක් වෙච්ච ඇඟිල්ල කෙලින් කරද්දි දැඩි වේදනාවක් එනවා.

🔺 මෙම රෝගය දියවැඩියා රෝගීන් අතර ඉතාම බහුලයි. ඒ වගේම වෙනත් ආතරයිටිස් රෝග තියන රෝගීන් අතරත් බහුලයි.

🔺 සමහර අවස්ථාවල එක විට ඇඟිලි කිහිපයකම මේ තත්වය එන්න පුලුවන්.

🔺 සමහර වෙලාවට tendon එකේ පොඩි ගැටිත්තක් පවා එන්නට පුලුවන්.

⛔ ඔය වගේම තව තත්වයක් තිබෙනවා duputren’s contracture කියල. ඒකත් එක වර ඇඟිලි කිහිපයක එන්න පුලුවන්

⛔ එම තත්වයේ වෙනස තමා කැක්කුම නැති හෝ ඉතාම අඩුවීම සහ අත්ලේ සිට ඇඟිලි දක්වා දිවෙන ඝනවූ පටක අතර අහුවෙන ගානට තිබීම.

⛔ තවත් හන්ඳි රෝග තිබෙනවා ඔය වගේම රෝග ලක්ශණ තියන.

✅ මේකට ප්‍රතිකාර කරන එක හරි ලෙහෙසියි.

✅ අනිත් ආතරයිටිස් රෝග වගේම පාවිච්චි කරන්න පුලුවන් බෙහෙත් තියනවා. බෙහෙත් දෙන ගමන් සමහර රෝගීන් physiotherapy වලට යොමු කරනවා.

✅ බොන බෙහෙත් වලට හරියන්නෙ නැති නම් මුල් කාලයේදීම steroid injection එකක් දෙන එක ඉතා වැදගත්.

✅ බහුතරයක් රෝගීන්ට එක ඉන්ජෙක්ශන් එකෙන් ලෙඩේ හොඳවෙනවා.

✅ අවශ්‍යය වුනොත් injection තුනක් දක්වා දෙන්න පුලුවන්. ඉන්ජෙක්ශන් දෙකක් අතර අවම කාල පරාසය සති හයක් වත් තියෙන්න ඕනේ.

✅ ඉන්ජෙක්ශන් එකට අඩු නොවෙන්න ප්‍රධානම හේතුව තමා වැඩි අත්දැකීමක් නැති කෙනෙක් වැරදි තැනට ඉන්ජෙක්ශන් එක දීම සහ දෙන ඉන්ජෙක්ශන් එකේ ගුණාත්මක බව අඩු වීම (low quality)

✅ අනෙක් හේතුව තමා දියවැඩියාව රෝගීන්ගේ සීනි වැඩි අගයක තිබීම

✅ ඉන්ජෙක්ශන් එක දුන්නහම සරල exercise කිරීමෙන් ඉක්මනට අඩු වෙනවා.

✅ ලේසියෙන් හොඳ කරගන්න පුලුවන් trigger finger එකට සැත්කමක් අවශ්‍ය වෙනකම් දික්ගස්ස ගන්න පුලුවන් නිසි ප්‍රතිකාර නොගෙන හිටියොත්

✅ විවිධ ආලේපන වලට ඕක අඩුවෙන්නෙ නෑ.

✅ දියවැඩියා ලෙඩ්ඩු බයයි ඉන්ජෙක්ශන් එක ගැහුවහම සීනී වැඩි වෙනවා කියලාම. ඇත්තටම එහෙම සීනී තාවකාලිකව වුනත් සුලු ප්‍රමාණයක් වැඩි වෙන්නෙ ලෙඩ්ඩු සුලුතරයක.

✅ සීනි 100% නෝමල් වෙන්න ඕනෙ නෑ ඉන්ජෙක්ශන් ගන්න.

✅ නිතර නිතර විවිධ ඇඟිලි වල මෙම රෝගය මතු වෙනවනම් බොහෝ විට inflammatory arthritis කුලකයේ ලෙඩක කොටසක් හැටියට එනවා වෙන්න පුලුවන්.

✅ එතකොට physiotherapy විතරක් කර කර ඉඳල හරියන්නෙ නෑ, අදාලා ලෙඩේට බෙහෙතක් බොන්න වෙනවා.

✅ එතකොට ලොකු ආතරයිටිස් රෝග වලට ප්‍රතිකාර කරන විදිහට තමයි ප්‍රතිකාර කරන්නේ

✅ මේක නිට්ටාවටම සැලකියයුතු දෙනෙකුට සුව වෙනවා. නැවත මතුවුනත් සාර්ථක ප්‍රතිකාර කරන්න පුලුවන්. නිසි ප්‍රතිකාර වලට යොමුවෙන්න

⭕Dr අරුණ කල්දේරා

What do you think?

Written by Mic

කන්දක් ඇතුළේ සැඟවුණු අභිරහස් ලෝකය

බත් කෑවම දැනෙන කම්මැලිකම සහ නිදිමත: ඇයි මෙහෙම වෙන්නේ?