in

කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න නම්………

මේ ආහාර අදම ආහාරයට එකතු කර ගන්න………

කොලෙස්ටරෝල් කියන්නේ දැන් අපිට උණ හෙම්බිරිස්සාව තරමටම සමීප ලෙඩ රෝග වලින් එකක්. දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක්ට වගේම ඒ රෝගය ඇති වෙන්න කලින් ඒ අවදානමෙන් මිදෙන්නත් මේ ආහාර වර්_ග නැතුවම බැහැ.

1. ග්‍රීන් ටී

ග්‍රීන් ටී ධමනි පිරිසිදුව හා සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා වගේම හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැළඳීමේ අවධානම ග්‍රීන් ටී මඟින් අවම කරනවා. ග්‍රීන් ටී වල අඩංගු රසායනිකයන් රුධිර නාල වල නිසි ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්. කොලෙස්ටරෝල් අවදානමට දැනටමත් ලක් වුණු කෙනෙක් දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2-3 ක් පානය කිරීම වරදක් නැහැ.

2. නිවිති

නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වගේම බොහොමයක් ලෙඩ රෝග වලට සුවය දෙන ඖෂධිය ගුණය අතින් ඉතා ඉහළ පලා වර්_ගයක්. නිවිති වල අඩංගු නයිට්‍රික් ඔක්සයිඩ් ධමනි සංකෝචනය වීමට එරෙහිව ක්‍රියාකරන අතරම රුධිරය කැටි ගැසීම මේදය තැන්පත්වීම වළක්වමින් හෘදයාබාධ ඇති වීම අවම කරනවා.

නිවිති වල අඩංගු විටමින් A සහ C, පොටෑසියම් සහ ෆෝලික් අම්ලය මගින් අහිතකර කොලෙස්ටරෝල් ධමනි බිත්ති තුල තැන්පත් වීම වලක්වන බැවින්, ධමනි සිහින්වීමේ අවධානම අඩු කරනවා. නිවිති ව්‍යාංජනයක් ලෙස හෝ දිනපතා නිවිති කොළ හුමාලයෙන් තම්බා ආහාරයට එකතු කර ගන්න ඔයාට පුළුවන්.

3. සුදුළූණු

ස්වාභාවිකව හා අතුරු අබාධ නැතිව ධමනි පිරිසිදු කිරීමට උපකාරී වෙන වටිනා ඖෂධයක් තමයි සුදුළූණු. හෘද රෝග සහ රුධිර නාල අවහිර වීම වැළැක්වීමටත්, රුධිරයේ අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්නත්, රුධිර නාල විශාල කිරීම, රුධිර සංසරණය වැඩි කිරීමටත් සුදුළූණු ඉතා වැදගත්. දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක් දිනපතා මී පැණි සමඟ හිස් බඩට සුදුළූණු අහාරය හෝ ආහාර පිළියෙළ කිරීමේදී සුදුළූණු ආහාර වලට එකතු කර ගන්න අමතක නොකළ යුත්තක්.

4. අලිගැට පේර

අලිගැට පෙර කියන්නේ මේදය අඩංගු ආහාරයක් නිසා කොහොමද කොලෙස්ටරෝල් වලට හිතකර වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති. අලිගැටපේර වල අඩංගු වෙන්නේ හිතකර මේදය. ඒ වගේම රුධිර පීඩනය අවම කරන පොටෑසියම් සහ එහි අඩංගු අනෙකුත් වැදගත් පෝෂක, රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් අඩු කර ධමනි අවහිරවීම වලක්වන හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරනවා.

5. සව්

රසවත් වගේම ඉතාමත් ගුණවත් ආහාරයක් තමයි සව් කියන්නේ. සව් වල ඔමේගා-3 මේද අම්ල, තන්තු, අඩංගු වන නිසා සව් හදවතට වඩාත් ගුණදායකයි. අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම සහ ධමනි පිරිසිදු කිරීමේ හැකියාව සව් වලට තියෙනවා.

උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ……

_______________________________________

අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.

ඔබට තව දුරටත් විස්තර අවශ්‍ය නම් සහ ඔබට මෙම සත්කාර කිරීමට අවශ්‍ය නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.

උපුටා ගැනීම : Need TV

What do you think?

Written by Mic

ලෝකයේ ඉතා ජනප්‍රිය ”පලතුරු ඩයට්”….

ආයුර්වේදී ගුණ පිරුණ කැහිපිත්තන් කොළ…….