in

මිල අධිකම කලාගාරයක් සහිත හෝටල් කාමරය

මේ කාමරය ඇතුළේ තියෙන කලා නිර්මාණවල වටිනාකම විතරක් ඩොලර් මිලියන ගණනක් වෙනවා. ඒ නිසාම මේක ලෝකයේ තියෙන මිල අධිකම කලාගාරයක් සහිත හෝටල් කාමරය විදිහටත් හඳුන්වනවා.”

Empathy Suite හි සුවිශේෂී කරුණු

0️⃣1️⃣. මිල සහ විශාලත්වය

​මිල: මෙහි එක් රැයකට ඇමරිකානු ඩොලර් 100,000ක් (ලංකා මුදලින් රුපියල් කෝටි 3කට අධික) වැය වේ.

⛔​අවම දින ගණන: සාමාන්‍යයෙන් අවම වශයෙන් රාත්‍රී දෙකක් රැඳී සිටිය යුතු අතර, ඒ සඳහා ඩොලර් 200,000ක් වැය වේ.

⛔​ප්‍රමාණය: වර්ග අඩි 9,000ක් වන අතර මෙය තට්ටු දෙකකින් සමන්විත වේ.

0️⃣2️⃣. අමුතුම සැරසිලි (Art)

​මෙම කාමරය නිර්මාණය කර ඇත්තේ ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය කලාකරුවෙකු වන Damien Hirst විසිනි.

⛔​මෝරුන්ගේ ටැංකිය: කාමරයේ මැද Formaldehyde දියරයේ බහා සංරක්ෂණය කරන ලද අඩි 13ක් දිග මෝරුන් දෙදෙනෙකු සහිත ටැංකියක් ඇත.

⛔​සමනලුන්: බිත්ති සහ බිම සමනලුන්ගේ රටා සහ කලා කෘතිවලින් අලංකාර කර ඇත.

​ඖෂධ ටැබ්ලට් නිර්මාණ: කාමරයේ “Pill” (ඖෂධ පෙති) මෝස්තර සහිත වීදුරු කැබිනට් සහ සැරසිලි රාශියක් ඇත.

0️⃣3️⃣. ලැබෙන රාජකීය පහසුකම්

​මෙහි නවාතැන් ගන්නා අයට ලැබෙන පහසුකම් සාමාන්‍ය හෝටලයකට වඩා හාත්පසින්ම වෙනස් ය:

⛔​24-Hour Butler Service: ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් ඉටු කිරීමට පැය 24 පුරාම සේවකයින් සිටී.

⛔​Private Bar: පුද්ගලික බාර් එකක් සහ ආසන 13ක් සහිත ලවුන්ජ් එකක් ඇත.

⛔​Cinema & Spa: පෞද්ගලික සිනමා ශාලාවක්, මසාජ් රූම් එකක් සහ ලාස් වේගස් නගරය පෙනෙන “Cantilevered Pool” (ගොඩනැගිල්ලෙන් පිටතට නෙරා ඇති පිහිනුම් තටාකයක්) ඇත.

⛔​Credit: හෝටලයේ ආහාර සහ කැසිනෝ සඳහා භාවිතා කිරීමට ඩොලර් 10,000ක අමතර මුදලක් (Credit) හිමිවේ.

උපුටා ගැනීම : Nature Pulse SL

What do you think?

Written by Mic

මීදුමෙන් වැසුණු අතීතයේ නිහඬ සාක්ෂිකරුවෝ: ලංකාවේ අද්භූත බංගලා සහ අතහැර දැමූ ස්ථාන

ලස්සන පිටුපස මාරක විෂක්