in

චීනයේ ධනවත්ම ව්‍යාපාරික ජැක් මා

🇨🇳 1964දී චීනයේ ෂැංහායි ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපන් ජැක් මා, කුඩා කළ සිට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ආශාවක් පැවති පුද්ගල‍ය‍ෙක්. නමුත් මොහු සාමාන්‍ය ළමුන් ඉගෙන ගන්නා ආකාරයට වෙනස් ආකාරයකින් තම අධ්‍යාපනය ලැබුවා.✨️

ඒ කොහොමද කිව්වොත් උදෑසනම අවදි වූ ජැක් මා තම නිවස අසල පිහිටි ෂැංහායි හෝටලය පරිශ්‍රයට යනවා. එහි එන සංචාරකයන්ට මගපෙන්වන්නෙකු ලෙස සේවාව සපයමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මොහු කටයුතු කලා. මගපෙන්වීම වෙනුවෙන් ඔහු කිසිදු ගාස්තුවක් අය කළේ නැහැ.

මේ ආකාරයට අවුරුදු 9ක් ඔහු කටයුතු කලා. නමුත් ඉගෙනීම කෙරෙහි ඔහු එතරම් දක්ෂයෙකු වුනේ නැහැ. ප්‍රාථමික, ද්විතීයික විභාග අසමත් වූවත් ඔහුට අවසානයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් ප්‍රවේශ විභාගය සඳහා කිහිප වරක් පෙනී සිටියද, ඒවායෙන්ද අසමත් වූ මොහු අවසානයේදී රැකියාවක් කිරීමට අවධානය යොමු කරනවා.

ජැක් මා රැකියා 30කට පමණක් ඉල්ලුම් කළත් ඒවායින්ද ප්‍රතික්ෂේප වුනා. සුප්‍රකට KFC ආයතනයෙන් චීනයේ පැවති රැකියා සම්මුඛ පරීක්ෂණයකදී එයට පැමිණි විසි හතර දෙනාගෙන්, විසි තුන්දෙනෙකුටම රැකියා අවස්ථා ලැබුණු අතර එයින් ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා ජැක් මා වුනා. වරක් චීන පොලිසියට අයදුම් කළ මොහු එයින්ද ප්‍රතික්ෂේප වුනා.

Harvard විශ්වවිද්‍යාලයට 10 වරක් ඉල්ලුම් කළත් එයින්ද ප්‍රතික්ෂේප විය. ජැක් මා, ඉල්ලුම් කරන සියල්ලෙන්ම ප්‍රතික්ෂේප වූ පසුව ඔහුගේ ප්‍රදේශයේ ගුරු විද්‍යාලයකින් උපාධිය සම්පූර්ණ කර, එහිම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය ආරම්භ කලා. ඒ $10 මාසික වැටුපකටයි.

1994දී ඇමරිකානු සංචාරයකට එක් වූ ඔහුට එහිදී පළමු වරට පරිගණකයක් සමග වැඩ කිරීමට අවස්ථාව හිමි විය. එහිදී ඔහුගේ පළමු සෙවුම වූයේ බියර් යන වචනයයි. ඒ සඳහා අන්තර්ජාලය විසින් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා දී තිබුණි. ඊළඟට ඔහු සොයන්නට වූයේ චීනය නම් වචනයයි. නමුත් එහිදී ඔහුට කිසිදු තොරතුරක් අන්තර්ජාලය මගින් දිස් නොවීය.

මෙය ව්‍යාපාර අදහසක් කරගෙන නැවත මව් රටට පැමිණි ජැක් මා, තම මිතුරන්ට එම අදහස දැන්වූ විට මිතුරන්ගෙන් උසුළු විසුළු වලට ලක්වීමට සිදුවිය. කිසිම දවසක එය යාතාර්ථයක් නොවන බව මිතුරන්ගේ අදහස විය.

ඉන්පසුව තම අරමුණට යාමට මගක් ලෙස බැංකුවකින් $3000ක මුදලක් ලබා ගැනීමට මාස තුනක් පමණ උත්සාහ ගත්තද එයද අසාර්ථක විය. පසුව ආයෝජකයින් රැසක් සමඟ සාකච්ඡා කළද එයින්ද ප්‍රතිඵලයක් ලැබුණේ නැත. කිසිම කමකට නැති මෝඩ අදහසක් ලෙස ඔවුන්ගේ මතය විය. නමුත් ජැක් මා තමන්ව තදින් විශ්වාස කරගෙන සිටි පුද්ගලයෙකි.

1999 ආයෝජකයන් 18 දෙනෙකුගෙන් එක්ව $50000ක් යොදා Alibaba ව්‍යාපාරය ආරම්භ කළේය. නමුත් මුල් අවුරුදු 3 කිසිම ආදායමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. 2004දී අන්තර්ජාතික ගෙවුම් වෙබ් අඩවියක් වන Alipayද, 2005දී Yahoo සමඟ සහයෝගීතා ගිවිසුමක් මගින් මුළු චීනයේම Yahoo පරිපාලන බලය Alibaba සතු විය.

චීන දේශීය පාරිභෝගිකයන් හා අන්තර්ජාතික ව්‍යාපාර කටයුතු සඳහා TMALL නම් චීන භාෂිත වෙබ්අඩවිය නිර්මාණය කළේය. චීන අපනයනකරුවන්ට අපනයනය සඳහා Aliexpress නම් වාණිජ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් තම රට තුළට ආදායම ගෙන ඒමට කටයුතු කළේය.

2013දී ඔහු තම නායකත්වය, තාරුණ්‍ය වෙනුවෙන් පවරා ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් ඉවත් වී කටයුතු කළේය. 2019දී ඔහුගේ පනස් පස්වන උපන් දිනය දා Alibaba සමූහයේ සියලූම කටයුතු වලින් ඉවත් වූ ඔහු, සාමාජිකත්වය පමණක් දරමින් දැනට කටයුතු කරයි.

එදා ප්‍රතික්ෂේප වීම් අතර තමන්ගේ අභියෝග, ඉලක්ක ඔහු අතහැරියා නම් අද චීනයට මෙපමණ විශාල දියුණුවක් කරා යාමට නම් සිදු වන්නේ නැත. එදා ඔහු තමන්ගේ දෛවයට හෝ කරුමයට සාප කරමින් සිටියා නම් අද ඔහු ගැන ලෝකයක් කතා කරන්නේ නැහැ. එහෙනම් ඔහුත් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ෂැංහායි වලට සීමා වෙලා ඉන්න තිබුණා.

නමුත් ඔහුගේ නොසැලෙන ආත්ම විශ්වාසය සහ ධෛර්යය නිසා චීනයේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් බවට පත්වීමට හැකිවුනා.❤️

උපුටා ගැනීමකි. : Dutu Nodutu Lokaya

What do you think?

Written by Author

තරුණියකගේ ධෛර්යය

අවුරුදු තුනක් වයසැති දැරියක් පැරණි ඊජිප්තු පුරාවස්තවක් සොයා ගෙන