in

බ්‍රිතාන්‍ය දුනු ශිල්පිනී ජෝඩි ග්‍රින්හැම්

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී බ්‍රිතාන්‍ය දුනු ශිල්පිනී ජෝඩි ග්‍රින්හැම් තරඟ පිටියට පිවිසෙන විට ඇය දුන්නක් රැගෙන සිටියා පමණක් නොවේ. ඇය මාස හතක ගැබිනියක් වී සිටියා.✨️

ග්‍රින්හැම් උපත ලැබුවේ ඇගේ වම් අතට බලපාන අත් පා වෙනසක් සහිතවයි. නමුත් ඒ වන විට ඇය පැරා-දුනු ශිල්පයේ ඉහළම මට්ටමේ තරඟ කරමින් වසර ගණනාවක් ගත කර තිබුණා.

පැරිසියේදී, ඇගේ අභියෝගය තවත් වැඩි වුණා. ඉසව්වට දින කිහිපයකට පෙර, මුල් දරු ප්‍රසූතිය පිළිබඳ කනස්සල්ල නිසා ඇයව නිරීක්ෂණය සඳහා රෝහලකට යැවූ බව වාර්තා වෙනවා.

අවසානයේ වෛද්‍යවරු ඇයට තරඟ කිරීමට අවසර දුන්නා. ග්‍රින්හැම් නැවත තරගාවලියට පැමිණියා.

ඉන්පසු ඇය අපේක්ෂා නොකළ දෙයක් සිදුකලා. ඇය තනි සංයුක්ත ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තා. පසුව මිශ්‍ර කණ්ඩායම් තරඟයේදී මහා බ්‍රිතාන්‍යය සමඟ තරග කර රන් පදක්කම දිනා ගත්තා.

මෙම සිදුවීම පැරාලිම්පික් ඉතිහාසයේ ගැබ්ගෙන සිටියදී පැරාලිම්පික් පදක්කමක් දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙස ජෝඩි ග්‍රින්හෑම් පත්ව තිබෙනවා.❤️🏅

තවත් කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න.

උපුටා ගැනීම : Dutu Nodutu Lokaya

What do you think?

Written by Mic

වසර 4,500ක් පැරණි ඊජිප්තුවේ විස්මිත ‘කා-ආපර්’ ලී පිළිමය

ඉවතලන ප්ලාස්ටික් වලින් ශක්තිමත් ගඩොල් නිෂ්පාදනය කිරීම