මෑතකදී එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ (University of Edinburgh) පර්යේෂකයින් විසින් ලෝකයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ප්‍රකාශයක් නිකුත් කළා. ඒ තමයි තුර්කියෙන් හමුවුණු ලෝකයේ පැරණිතම සිද්ධස්ථානය වන “ගෝබෙක්ලි ටෙපේ” (Göbekli Tepe) කියන්නේ නිකම්ම පන්සලක් නෙවෙයි කියන එක!
මෙන්න මේ මහා අබිරහසේ ඇත්ත කරුණු (Facts):
ලෝකයේ පැරණිතම කැලැන්ඩරය: මෙහි ඇති 43 වැනි ගල් කණුව (Vulture Stone) විශ්ලේෂණය කළ විද්‍යාඥයින් සොයාගත්තේ, එහි කොටා ඇති සතුන්ගේ රූපවලින් ඇත්තටම නිරූපණය කරන්නේ අහසේ තියෙන “තාරකා මණ්ඩල” (Constellations) බවයි. මෙය ලෝකයේ මෙතෙක් හමුවූ පැරණිතම සූර්ය දිනදර්ශනයයි (Solar Calendar).
මහා විනාශය: මේ ගල් කණුවේ සටහන් කරලා තියෙන්නේ නිකම්ම දින නෙවෙයි. මීට වසර 13,000 කට පෙර (ක්‍රි.පූ. 10,950 දී පමණ) පෘථිවියේ හැප්පුණු අතිදැවැන්ත වල්ගාතරුවක් (Comet Strike) ගැනයි ඔවුන් මේ ලියලා තියෙන්නේ!
අයිස් යුගය: විද්‍යාවෙනුත් මේක තහවුරු කරනවා. හරියටම ඒ කාලයේදී පෘථිවියේ දේශගුණය එකපාරටම වෙනස් වෙලා දරුණු අයිස් යුගයක් (Younger Dryas) ආවා. ඒ විනාශයෙන් එදා හිටපු යෝධ සත්තු වගේම, එදා හිටපු දියුණු මිනිස්සුත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා.
අපිට දුන්න පණිවිඩය: ගල් කණු මෙතරම් විශාලව හදලා තියෙන්නේ සහ මේවා පොළොව යට ආරක්ෂිතව වළදාලා තියෙන්නේ, ඒ මහා විනාශයෙන් බේරුණු අතළොස්සක් වූ මිනිසුන් විසින් “අහසින් එන මේ මහා අනතුර” ගැන අනාගත පරම්පරාවට (ඒ කියන්නේ අපිට) පණිවිඩයක් දෙන්න බවයි පර්යේෂකයින් පවසන්නේ.
ගල් යුගයේ හිටපු වනචාරී මිනිස්සුන්ට මේ වගේ නිවැරදි තාරකා විද්‍යාවක් සහ කැලැන්ඩර හැදීමේ දැනුමක් ආවේ කොහෙන්ද? මේක ඊළඟට එන විනාශයක් ගැන අපිට දීපු අනතුරු ඇඟවීමක්ද?
ඔබේ අදහස කුමක්ද? අපි මේ ඉතිහාසයේ මුල නෙවෙයි, ඉතිහාසයේ එක පරිච්ඡේදයක් විතරද? ![]()
උපුටා ගැනීම : Guptha – ගුප්ත

