in

අතීතයේ මිනිස්සුන්ට මේ තරම් ලොකු “බංකරයක්” ඕනේ වුණේ කාගෙන් බේරෙන්නද?

1963 අවුරුද්දේ තුර්කියේ කපඩෝසියා (Cappadocia) ප්‍රදේශයේ හිටපු මනුස්සයෙක් තමන්ගේ නිවසේ බිම්මහලේ බිත්තියක් කඩලා අලුත්වැඩියා කරමින් හිටියා. ඒ බිත්තිය කැඩුවාම එතනින් එහාට තිබුණේ අඳුරු උමගක්.

ඒ උමග දිගේ ගිය පුරාවිද්‍යාඥයින්ට හොයාගන්න ලැබුණේ මුළු ලෝකයම පුදුම කරපු දෙයක්!

⭕ දැවැන්ත භූගත නගරය: පොළොව යටට මහල් 18 ක් (මීටර් 85 ක්) ගැඹුරට විහිදුණු අතිවිශාල භූගත නගරයක් එහි තිබුණා. මෙය “ඩෙරින්කුයු” (Derinkuyu) ලෙස නම් කෙරුණා.

⭕ සුපිරි ඉංජිනේරු තාක්ෂණය: මෙහි එකවර මිනිසුන් 20,000 කට ජීවත් වෙන්න පුළුවන්. සත්තුන්ට වෙනම ගාල්, පාසල්, පූජනීය ස්ථාන සහ කිසිදා අවහිර නොවන වාතාශ්‍රය ලබාදෙන (Ventilation shafts) පද්ධතියක් පවා මෙහි තිබුණා.

⭕ ඇතුළෙන් පමණක් වැසිය හැකි දොරවල්: මෙහි ඇති පුදුම සහගතම දේ තමයි, සෑම මහලක්ම වෙන් කිරීම සඳහා ටොන් භාගයක් පමණ බරැති යෝධ රවුම් ගල් දොරවල් (Rolling Stone Doors) තිබීම. මේවා වැසිය හැක්කේ “ඇතුළතින්” පමණයි! (පිටතින් එන කිසිවෙකුට ඇතුල් විය නොහැක).

ඔවුන් මේ හැංගුණේ මොකෙන් බේරෙන්නද? කුමන්ත්‍රණ න්‍යායවේදීන් පවසන්නේ අතීතයේ සිදුවූ මහා න්‍යෂ්ටික යුද්ධයකින් (Ancient Alien Wars), අධික සූර්ය කුණාටුවකින් හෝ අයිස් යුගයකින් බේරීමට මෙය ඉදිකළ බවයි.

ඔබ මොකද හිතන්නේ? අතීතයේ පොළොව මතුපිට ජීවත් වෙන්න බැරි තරම් භයානක දෙයක් වුණාද? 👇

උපුටා ගැනීම : Guptha – ගුප්ත

What do you think?

Written by Mic

මුහුද යට සැඟවුණු දියුණු අධිරාජ්‍යය ඇත්තටම තිබුණාද?