මොහොමඩ් අල්-ජලීල් කියන්නේ නිකම්ම සත්තුන්ට කෑම දෙන කෙනෙක් නෙවෙයි, ඔහු මේ අසරණ සත්තු වෙනුවෙන් තමන්ගේම කියලා ලෝකයක් නිර්මාණය කරපු කෙනෙක්.
මොහොමඩ් වෘත්තියෙන් ගිලන් රථ රියදුරෙක්. දවස පුරාම තුවාල වුණු මිනිස්සුන්ව රෝහල්වලට ගෙනියන ඔහු, තමන්ගේ විවේක කාලය වෙන් කරන්නේ පාරේ අතහැරලා දාපු බළලුන් වෙනුවෙන්. ඔහු ගාසා වල “Ernesto’s Sanctuary” නමින් සත්ව රැකවරණ මධ්‍යස්ථානයක් පවා පවත්වාගෙන යනවා. ඒක නම් කරලා තියෙන්නේ ඔහුට හිටපු ප්‍රියතම බළලාගේ නමින්.
බොහෝ දෙනෙක් තමන්ගේ ගෙවල් අතහැරලා යද්දී පවා මේ සත්තුන්ව දාලා යන්න ඔහුට හිත දුන්නේ නැහැ. බෝම්බ ප්‍රහාර නිසා ඔහුගේ සත්ව මධ්‍යස්ථානය දෙවතාවක්ම විනාශ වුණා, ගොඩක් සත්තු මැරුණා. ඒත් මොහොමඩ් අධෛර්යවත් වුණේ නැහැ. ඔහු ආයෙත් ආයෙත් ඒ මධ්‍යස්ථානය ගොඩනැගුවා.
අද ඔහු බළලුන් සිය ගණනකට අමතරව තුවාල වුණු බල්ලන්, කුරුල්ලන් වගේම අශ්වයන්ට පවා ප්‍රතිකාර කරනවා. ඔහු ලෝකය පුරා ප්‍රසිද්ධ වුණේ “The Cat Man of Aleppo” (ඇලෙප්පෝ හි බළල් මිනිසා) කියලා.
“මිනිස්කම කියන්නේ මිනිසුන්ට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි” කියලා ඔහු මුළු ලෝකයටම ඔප්පු කළා,
ඉතින් ඔයා මොනවද හිතන්නෙ මේ අපූරු මිනිසා ගැන, ඔයාගේ අදහස පහළින් Comment කරන්න !
උපුටා ගැනීම : Thilina Priyadarshana


