Cap d’Agde, ප්‍රංශය ![]()
![]()
![]()
![]()
මේක නිකන් වෙරළක් විතරක් නෙවෙයි, ඇඳුම් නැතුව ජීවත් වෙන්න පුළුවන් සම්පූර්ණ නගරයක්. තමන්ගෙ Budget එකට ගැලපෙන සහ අලුත් දේවල් අත්විඳින්න ආස අයට මේක සුපිරි තැනක්.
මෙහි ඇති විශේෂ දේවල්
────────────────── ☉
නිරුවත් නගරය :
ගිම්හාන කාලයට මෙතන 40,000 ක් විතර මිනිස්සු ඉන්නවා. සුපර් මාර්කට්, බැංකු, අවන්හල් වගේ හැම තැනකම මිනිස්සු ඇඳුම් නැතුව එහෙමෙහෙ යන එක හරිම සාමාන්‍ය දෙයක්.
වෙරළ තීරය :
නගරය ඇතුලේ ඇඳුම් අඳිනවද නැද්ද කියන එක තමන්ගේ කැමැත්ත. හැබැයි වෙරළට නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ නිරුවතින්. තනිකරම පෞද්ගලිකව ඉන්න ඕනේ නම් ‘Plage de la Grande Conque’ කියන කළු වැලි සහිත, ලස්සන ගල් පරවලින් වටවුණු වෙරළට යන්න පුළුවන්.
පිරිසිදුකම :
එහෙ ඉන්න අය තමන්ගේ ශරීරයේ රෝම කපා, ඉතාමත් පිළිවෙළට සහ පිරිසිදුව තියාගන්න හරිම කැමතියි. ඒ නිසා යන්න කලින් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන.
මතක තබා ගත යුතු නීති :
────────────────── ☉
පෞද්ගලිකත්වය :
මෙතන ඇතුළේ ඡායාරූප ගැනීම (Photography) තදින්ම තහනම්. කවුරු හරි ෆොටෝ එකක් ගහන්න හැදුවොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආරක්ෂක අංශ මේ ගැන හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නවා.
බදු සහ නීති :
නගරයට ඇතුළු වෙද්දී “නාගරික බද්දක්” ගෙවන්න ඕනේ. ඒක නීතියක්, අනිවාර්යයි. නිකේතනයෙන් එළියට යනකොට නම් අනිවාර්යයෙන්ම ඇඳුම් අඳින්නම ඕනේ.
රාත්‍රී ජීවිතය :
රෑ වුණාම බාර් සහ නයිට් ක්ලබ්වල තියෙන්නේ නියම උත්සවශ්‍රීයක්. ඇඳුම් නැතුව එන මිනිස්සු හරිම නිදහසේ විනෝද වෙනවා.
මෙතන තියෙන්නේ ලෝකේ කිසිම තැනක නැති තරම් වෙනස්ම නිදහසක්. හැබැයි යන්න කලින් එහෙ නීති රීති ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි ![]()
ඉල්ලීමක් තියෙනවා… අනෙක් අයට දැනගන්නත් එක්ක 𝐋𝐢𝐤𝐞 කරලා 𝐒𝐡𝐚𝐫𝐞 කරන්න… ස්තූතියි !
උපුටා ගැනීම : Chathura Parakrama


